Skip to main content

Posts

Showing posts from October, 2009

නලියගෙ Phone කට්ට..(Sony Ericsson W660i)

ඇත්තට මේ phone එක සිරා phone එකක් ඇයි දන්නවද? මේක පාවිච්චි කරපු ව්දියට අවුරුදු දෙකක් වැඩ කර කියපුවම මටම පුදුමයි. මොකද ගොඩාක් දවස් වලට උදේ නැගිටිනකොට phone එක තියෙන්නෙ බිම & trip එකක් එහෙම ගියාම phone එක ඉවරයි. මේක hard use කරන්න පුලුවන් එකක්. හැබැයි අවුරුදු 2ක් පාවිච්චි කරා අද වෙනකන් මට කිසි වදයක් දීලා නෑ. මම phone එකකින් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මට මේක කරල දෙනවා. Voice/Video Calls, SMS, MMS, 2mpixel Camera, Walkman series, online applications විශේෂයෙන් Snaptu එලට වැඩ. Snaptu වල twitter, Facebook, Cricinfo, G-mail, News feeds...etc ඔක්කොම තියනවා මාර user friendly. මම මේක ගන්න කොටනම් රුපියල් 23000/= වුනා. දන් නම් රුපියල් 15000/= විතර වෙන්නෙ. ගානේ හැටියට හොදටම වටින එකක්. මගේ අදහස අනුවනන් Sony Ericsson තරම් User Friendly Phone Brand එකක් ලංකාවෙ නෑ. camera quality එක සහ sounds quality(Walkman Series)එක ගත්තම Sony Ericsson තමයි ඉදිරියෙන්ම ඉන්නෙ. තව තොරතුරු දැන ගන්න මෙතන Click කරන්න

ගන්නවානම් මෙන්න අත් ඔරලෝසුව(InPulse Blackberry Wristwatch)

සිත් ඇදගන්න කඩවසම් පෙනුමක් ඇති මෙම ඔරලොසුව බ්ලැක්බෙරි(Blackberry) නිෂ්පදනයක්,ලගදීම වෙලදපොළට ඒමිත මෙමෙ අති ඔරලෝසුව US $150 වැනි මුදලකට හදුන්වදීමේ මිලක් නියමවේ යැයි පැවසෙනවා. 1.3-inch OLED  තිරයක්(screen) ඇති මෙම ඔරලෝසුව ස්ම්ස් ඇලෙර්ට්ස්(SMS Alerts),RSS ෆීඩ්ස්,ට්විටෙර්(Twitter),කාළගුණ වාර්තා සැපයිමට සමත් සහ සම්පුර්ණ අරෝපනය(fully charge) කළ විට දවස් 4 ක් පමණ තබ ගත හැකි මෙමෙ ඔරලෝසුව කර්ය බහුල කෙනෙකුට නම් ගොඩාක් ප්‍රයොජනවත් වෙයි..

ගූගල්ලාගෙ ලස්සන වැඩක්(Google chrome cool video)

පහළ තියන video එක බලන්න.ඒක ගූගල් තම වෙබ් බ්‍රවුසරය වන ගූගල් ක්‍රොම්(Google chrome) වලට තීම්ස්(themes) දාගන්න අයුරු, ප්‍රවර්ධනයට යොදා ගත් යු-ටියුබ් විඩියො(you-tube video) එකයි.බලන්න එකේ වෙනස ගූගල්ලාගෙ අනෙක් වැඩ වගෙම තමයි. වෙබ් බ්‍රවුසරයේ තීම් එක අනුව යු-ටුයුබ් පේජ් එකේද පසුබිම වෙනස් වෙන ලස්සන. Video එක බලන්න මෙතන Click කරන්න

Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද?

ඊළග පරපුර සදහා ගැලපෙන සියලුම පහසුකම් සහිත සන්නිවේදන තාක්ෂණයක් ගූගල්(Google) විසින් හදුන්වා දී ඇත. එය ගූගල් වේව්(Google Wave) නම් වේ. ඊ-මේල්(e-mail) හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමටය. ඊ-මේල් වලින් සන්නිවේදනය කිරීමේදි එහි පිටපතක් නැතිනම් එහි අන්තර්ගතයේ පිටපතක් සැම දෙනාටම ලැබේ නමුත් ගූගල් වේව්(Google Wave) හි සිදුවන්නේ එක් පිටපතක් වේව් මගින් සන්නිවේදනය කරන සැම දෙනාටම සංස්කරණය කිරිමෙන් දායක වීම මගින් ( Wiki මාදිලියේ ) අදළ තොරතුරු සන්නිවේදනයයි. වේව් එකක්, එක් පිටපතක් සැම දෙනාටම සංස්කරණය කළ හැකි චැට්(chat) එකක් ස්වරූපයෙන් සමාන ය. සාමන්‍ය ඊ-මේල් සන්වාදයක් හෙවත් ත්‍රෙඩ් එකකින් කෙරෙන එක් තැනක තිබෙන තොරතුරු තවත් තැනකට ඒ අයුරින් යොමු කරනවා වෙනුවට මල්ටිමීඩියා ෆෝමැට් එකකින් බ්ලිප්ස්(blips) මගින් තොරතුරු මාලයක් අයුරින් හුවමාරු කෙරේ. වේව්(wave) එහෙකට සම්බන්ධ වන සියලු අයට එය සංස්කරණය කිරීම, එයට උත්තර බැදීම එයට ගූගල් මැප්ස්(google maps) යොද ගැනීම, එය photo, video, audio up

Facebook Chat එකේ වැඩ දාන්න.

Facebook එකේ chat කරද්දි ඔබට හමුවෙල ඇති එක එක Action තියන මුනවල් දැකලා තියනවාද?. කවදා හරි ඔබ හිතුවද මේවා දාන්නේ කොහොමද කියලා? සමහර විට ඔබ මෙවැනි icons හෙවත් emoticons 2ක් 3ක් විතර දාන්න දන්නවා ඇති. ඔබට Facebook වල ඇති එවැනි emoticons සියල්ලම දැන ගන්න ඕනද…… එහෙනම් මෙම codes Chat එකේ type කරලා Enter බලන්න.

විනාඩි 15 න් අලුත් T.V එකෙක් හදා ගන්න (ඔක්කොමට යන්නෙ රු:5000/=)

මම ගල්කිස්ස පත්තෙ Shop එකක දැක්කා රු:8000/= අලුත් T.V. එකක් කියල දාලා තියනවා බැලුවම මගෙ Room එකේ තියන T.V. එකමනේ.. කැමතිද මේ විදිය T.V. එකෙක් හදා ගන්න වැඩි දෙයක් නෑ.මුලින්ම Combo TV Box කියන Gadget එක ගන්න ඔනෙ Unity Plaza(bambalapitiya) එකෙ වටයක් දම්මොත් රු:2500-2800 දක්වා ගනකට ගන්න පුලුවන්. Read More

Adsense වලින් දෙවැනි චෙක් එක ආවා(Received Second Adsense cheque )

පළමුවැනි චෙක් එක ගන්න ගොඩක් මහන්සි වුනා.එක එක දෙවල් කරා සමහර දේවල් වැරදි ක්‍රම.ඒත් අමාරුවෙන් හරි මුල් චෙක් එක ගත්ත නිසා පොඩි kick එකක් ආවා.දෙවෙනි එක ගන්න එච්චර කල් ගියෙ නෑ මසයකින් ගත්තා.එකට blogcatalog,youtube,twitter,facebook,skype chat උදවු වුනා . මෙසැරේ චෙක් එක $107 එත් ඉක්මනට ගන්න එන්න Express Mail දම්මා.$25ක් කැපිලා $82යි..එක අවේ DHL Express එකේ මේ විදියට