Skip to main content

Posts

Showing posts from November, 2009

නලියා දැන් ගූගල් වෙව්(Google wave) ආරාධනා එවනවෝ....

දවස් දෙක තුනකට පස්සෙ ඔන්න අද ටිකක් නිදහසක් ලැබුනා.වෙව් එක පත්තෙ ගියා රැල්ළක් අවිල්ලද කියලා බලන්න.අවිල්ලනේ නියම රැල්ළක් මොකක්ද දන්නවද.....? ගූගල් වෙව් ආරාධනා යවන්න කියන රැල්ළ වේව් එකේ තිබුනෙනම් මෙහෙමයි " Invite others to Google Wave Google Wave is more fun when you have others to wave with, so please nominate people you would like to add. Keep in mind that this is a preview so it could be a bit rocky at times. Invitations will not be sent immediately. We have a lot of stamps to lick. Happy waving! " ගූගල්ලා කියන විදියට මම Invite කරපු ගමන් එන්නෙ නෑ ලු.මම දන්න විදියට නම් දවස් දෙකක් විතර යනවා.( එකෙ තියන විදියටනම් එගොල්ලන්ට මුද්දර ගොඩාක් තියනවාලු කෙළ ගාලා ආරාධනා පත්‍ර වල අලවන්න හික්! හික්! ) මට එවන්න පුලුවන් ආරාධනා 24 ක් විතරයි, Anonymous නැතුව පළමුවෙන් ප්‍රතිචාර දක්වන 20 දෙනාට එවන්නම්.තමන්ට අයිති එක e-mail ලිපිනයක් විතරක් දාන්න.ගොඩක් කට්ටියකට වෙව් තියනකොට හොදයිනේ... ( තණ්හා ජායතී සෝකෝ........අහලා තියනවනේ කස්ටිය )

කොටස් වෙළෙදපොළ ආයෝජන අරඹමු......

ගොඩාක් කට්ටිය අහලා තිබුනා කොටස් වෙළෙදපොළ අයොජන ඒ කියන්නේ සමාගම්වල කොටස් අරගෙන එවලින් ලාභ උපයන ආකාරය ගැන,ඒ ගැන සටහනක් තියන්න හිතුනා කොටස් වෙළෙදපොළ අයොජන කියන්නෙ මොකක්ද?කොටස් මිළදී ගන්නේ කොහොමද?ලාභ ලබන්නේ කොහොමද යන ප්‍රශ්න දැන් ඔලුවල එනවා ඇති.මම කියන්නන් කොහොමද කියලා කොටස් වෙළෙදපොළ අයොජන කියන්නෙ මොකක්ද? ලංකවේ නම් කොළඹ කොටස් හුවමරුව( එහි නිල වෙබ් අඩවීය ) මගින් මෙම කටයුතු සිදුවේ.මෙහි ලියාපදිංචි කරා ඇති සමගම් වල කොටස් මිළට ගැනිම, කොටස් වෙළෙදපොළ අයොජන නම් වේ.මෙම කොටස් අවශ්‍ය මිළට පැමිනි විට විකිණීමේන් ලාභ උපයයි. ලාභ ලබන්නේ කොහොමද? අපි මිළට ගන්න කොටස් මිළදී ගත් ගනට වඩා වැඩි ගනකට විකිණීමෙන් තමයි ලාභ ගන්නේ. උදා: x නැමැති සමාගමේ කොටසක් රු:120 ගානේ කොටස් 100 මිළදී ගත්තා කියමු. ( රු:120*100=රු12,000/= ). ඊළග දවසේ එම සමාගමේ කොටසක් රු:140 ක් වී ඇති විටකදී ඒම කොටස් 100 අපි විකුනුවා කියමු (රු:140*100=රු:14,000/= ) මෙහිදි තැරැවුකරුවන්ට අප විසින් මිළදී ගන්න,විකුනන සැම සැම කොටස් වටිනකමකින්ම 1% කොමිස් මුදලක් ගෙවීමට සිදුවෙනවා. ඉහත උදාහරනයේ කොමිස් මුදල= (12000+14000)*1% = 120+140 = රු:260/= අපිට ලැබු ලාභ

නලියත් දැන් Google රැල්ළෙ....

නලියා ගුගල් වෙව් ගැන සටහන්( මෙතනින් යන්න ) ලියුවට ඒ කාලෙදි Google wave Accont එකක් තිබුනෙ නෑ.ඒත් ගූගල් wave ලැබුනා කියලා තිබුන අපේ සහොදරයෙක්ගේ බ්ලොග් එකක මටත් ආරාධනාවක් එවන්න කියලා comment ඒකක් දාලා දවස් දෙකකින් විතර ආරාධනා 2ක්ම ලැබිලා තිබුනා.ආරාධනා එවපු මාධව රංග සහොදරයටයි, චතුරංග රූපසිංහ සහොදරයටයි ගොඩාක් ස්තූතී. වෙව් ලැබුන ගමන් කරේ චැට් කරන්න ගත්ත එක.ඊට පස්සේ Twitter Extension එකක් දා ගත්ත එක,මේකෙ ටිකක් අමුතුයි.Extensions,Gadgets Add කරන්න තියෙන්නෙ Contact එකක් add කර ගන්න විදිහට,ඉ-මේල් ලිපිනයක් දෙන්නේ Extensions,Gadgets Add කරගන්න.( උදා: TweetWave extensionඒකට wavetweets@appspot.com ) එතකොට වෙව් එකක් හැදෙනවා.එහෙම තමයි හැම Extensions හා Gadgets එකම දා ගන්නේ. Extensions හා Gadgets ගන්න මෙතනින් යන්න. තාම Testing යන්නේ පස්සෙ හොද සටහනක් ලියන්නම්, හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා... .

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

ලංකවේ දවසින් දවස Hit වෙන Sony Ericsson....

ලංකවෙ දැන් දැන් ප්‍රචලිත වෙමින් යන Sony Ericsson phone 2ක් ගැන තමයි මේ සටහන.Sony Ericsson කවදත් සපයන පහසුකම් වලට පාඩු නැති,සදාරන මිලකට phone සපයනවා.ඒ වගේම හොද පෙනුමක් තියෙන හැන්ඩි phone වැඩියෙන් තියෙන්නෙ sony ericsson වල තමයි. ඕන තැනක කැත නැතුව බස්සන්න පුලුවන්. අලුත් phone දෙක තමයි, S302 හා W302 . දෙකෙ වෙනසකට තියෙන්න එකක් walkman Series, s302 එකෙ කැමර එකට LED ෆ්ලැෂර් එකක තියනවා. කැමරා 2mpixel ,ෆොන් මෙමරි 20Mb ,කාඩ් මෙමරි 512MB( M2 ) ෆොන් එකට එනවා 4GB වෙනක න් ගහන්න පුලුවන් දෙකේ 3G නම් නෑ. එත් ගානට නම් වටිනවා. S302 - රු:10,500/= w302 - රු:12,500/= (අද කොළඹින් බැලුවාම දෙන්නන් කියුව ගැන තව අඩු කර ගන්න පුලුවන්)

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද? ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි, නැත්තම් ඉතින් හැමෝම කරයිනෙ, හැබැයි මුලින්ම දවසට පැය 2-3ක් මහන්සි වුනොත් මාසිකව රු:10000-20000ක් අතර ගානක් හොයන්න බැරි නෑ. එහෙනම් පටන් ගමු නේද වැඩේ. පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න. ඔය හොර ගූරාලට රු:4000-5000 ක් පුදනවාට වඩා ඒක හොදයිනෙ? ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වන දේවල් 3ක් තියනවා. ඉ-මේල් එකක් ( gmail තමයි හොද මෙකට ) වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් Adsense ගිණුමක් මේ ප්‍රධාන දෙවල් 3න නොමිලේම ගන්න පුලුවන් ඉ-මේල් එකට G-mail , බ්ලොග් එකට Blogspot , Adsense ගිණුම කොහොමත් නොමිලේ දෙන්නේ . මේතන click කරලා ඒවා වලට යන්න. G-mail , Blog spot , Adsense මුලින්ම G-mail එකක් හදා ගන්න, ඊට පස්සෙ බ්ලොග් එකක්, අන්තිමටම adsense ගිණුම. ***මේ හැමදේම හදනකොට නිවැරදි තොරතුරු එක්ක හදන්න.*** PS: හැබැයි බ්ලොග්

Sony Ericsson පළමු Android Phone එක එලිදකී.

Sony Ericsson පළමු ඇන්ඩ්‍රොයිඩ් phone එක නොවැම්බර් 3 වැනි දින නිවේදනය කරන ලදී. Sony Ericsson Xperia X10 නම් වේ.ඇන්ඩ්‍රොයිඩ් යනු ලිනැක්ස් ක'නලය උඩ දුවන ජංගම මෙහෙයුම් පද්ධතියකි.(මේ මෙහෙයුම් පද්ධතිය මුලින්ම Develop කරලා තියෙන්නෙ ගූගල්ලා) මේ ෆෝන් එක විශේෂ සංගීතයට කැමති ගැහණු ළමයි ඉලක්ක කර ගනිමින් නිපදපු එකක් කියලයි කියන්නෙ. සිත් ඇදගන්නා සුලු handset එකකුත් තියනවා.ගාන නම් ටිකක් සැර වෙයි වගේ. මෙහි විශේෂාංග නම් 8.1 megapixel කැමරාව( with a 16x digital zoom) face recognition(මුහුණු හදුනා ගැනිමේ හැකියාව) අගල් 4ක තිරය( 480 x 854 pixel OLED touch screen) 3.5mm headphone jack 8GB microSD card Qualcomm’s 1GHz Snapdragon chip දත්ත හුවමරුව GPRS Class 10 (4+1/3+2 slots), 32 - 48 kbps EDGE Class 10, 236.8 kbps 3G HSDPA, 10.2 Mbps; HSUPA, 2 Mbps WLAN Wi-Fi 802.11b/g, DLNA Bluetooth v2.1 with A2DP USB v2.0 miniUSB කොහොමද ෆෝන් එක කියලා මෙ විඩියො එකෙන්ම බලන්න

Cellular , ප‍රණ උනත් නියම ෆිල්ම් එක.......

මේ ෆිල්ම් එක ගැන නලියට ලියන්න හිතුනෙ මෙ තියන ඒකෙ theme Song එක අහම්බෙන් අහන්න ලැබුන නිසා. මේ ෆිල්ම් එක 2004 බැලුවට අදත් කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සිරා ෆිල්ම් එකක්. වෙලාව යනවා තේරෙන්නේ නෑ. මේකෙ කථාව නම් අපි වගේ සැහල්ලුවෙන් ෆන් එකෙ එන්න කොල්ලෙක්ට පොරගේ මොබල් ෆොන් එකට අහම්බෙන් එන Call එක්කකින්, ඉබේ පැටවෙන වගකීමකින්, පොරගෙ සම්පුරණ ජීවිතයම වෙනස් වෙනවා. මේකෙ කථාව යන්නේ, නොකියා 6600 phone එකෙන් කොල්ලා දාන වැඩ කිඩ ටිකත් එක්ක. මෙ ෆිල්ම් එක හරහා නොකියා 6600 phone එක promote කලා. ඒ 2004 දී තිබුන සමන්‍ය කෙනෙකුට මිලදි ගත හැකි හොදම විඩියෝ රෙකොඩින් තියන එකම phone එක නොකියා 6600 නිසා. බලලා නැත්තම් හොයාගෙන හරි download කරගෙන හරි අනිවාර්යෙන් බලන්න නියම ෆිල්ම් එක. බා ගන්නවනම් මෙන්න ලින්ක් ටික. http://hotfile.com/dl/13532347/eb2beba/Cellular.2004.DvdRip.x264.part1.rar.html http://hotfile.com/dl/13532537/797d951/Cellular.2004.DvdRip.x264.part2.rar.html http://hotfile.com/dl/13532853/b477b27/Cellular.2004.DvdRip.x264.part3.rar.html

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් ඉපෙයුවාද....?

Adsense කල හරියක් ,අද වි... පරිගනක සගරවේ දැක්ක දැන්විමක් දැකලයි මෙහෙම ලියන්න හිතුනේ, එහෙමයි දැන්වීමේ කියන්නේ,අන්තර්ජාලයෙන් මාසිකව ලක්ෂයක් උපයන්න.ඔය ලක්ෂයක් උපයන්න කියලා දෙන අය කීයක් උපයනවද කියල මුලින්ම අහන්න ( අන්තර්ජාලයෙන් මසයකට ගත්ත සල්ලි ගාන, ගිය කාලය සාක්ෂි ඇතුව පෙන්නන්න කියන්න ).ඊට පස්සෙ ඔගොල්ලොම තීරනය කරන්න ඒ සම්මන්ත්‍රනයට යනවද නැද්ද කියලා. දැනට අවුරුද්දකට විතර ඉස්සර Adsense ගුරූලා වැහි වැහැලා.පරිගනක සගරාවල පිරෙන්න අන්තර්ජලයෙන් අසිමිතව මුදල් උපයන්න කියලා,ලහිපිටෙත් තියනවා දැක්කම හිනා යනවා. හොර ගුරාලා රු:4000-5000ක් ගන්නෙ ඉ-මේල් ගිනුමක්,බ්ලොග් එකක හා Adsense ගිනුමක් හදා ගන්න කියල දෙන්න.( අන්තර්ජලය තුල ඕන තරම් නොමිලේ ලබා දෙන Data entry වැඩසටහන් online T.V වැඩසටහන් මෙයට අතුලත් කරලා මෝඩ Marketing පාරකුත් යනවා . ) කොච්චර අපරාදයක් ද? මේ හොර ගුරාලා දාන දැන්වීම් වලට රැවටිල සමහර දුප්පත් ළමයි ණයට සල්ලි අරන් මෙවා ඉගෙනෙ ගන්න( මම දන්න සිද්ධි කිහිපයක් තියනවා ).ඇයි මුන් කෙලින්ම කියන්වනෙ රැකියවක් දෙනවා කියලා.හරියට අම්මගෙ අප්පගෙ දේපල වගේ.එ අහිංසක ළමයි දන්නෙ නෑ මෙ සියල්ලම නොමිලේ හරි ලෙසියෙන් ඉගෙ

තාම Favicon එකක් බ්ලොග් එකට දාගන්න බැරි වුනාද?

තාමත් ඔබේ site එකට හෝ blog එකට මේ වගේ favicon එකක් දාගන්න බැරි උනාද? ඒක එච්චර අමාරු නෑ. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔබේ site එකේ හෝ blog එකේ layout වල Edit HTML වලට ගිහින් body කියන tag එකට යටින් මේ code එක paste කරන්න. <link rel="icon" type="image/png" href="image එකේ location එක" /> ( image එක png විය යුතුය)

නලියට, phone එකෙන්අලුත් වැඩක් set වුනා.

මම එක දවසක කිව්වා වගේම Sony ericsson  මට අවශ්‍ය වැඩ හැම එකක්ම වගේ කරලා දෙනවා.අලුත්ම වැඩේ තමයි මගේ පින්තූර බ්ලොග් එක. Naliya's Gallery .අදයි පටන් ගත්තේ. Phone එකෙන් කෙලින්ම ෆොටො එක බ්ලොග් එකට පොස්ට් කරන්න පුලුවන්. Phone එකෙන් මුළින්ම ෆොටො එකක් publish කර ගමන් Blogger එකෙන් SMS එකක් phone එකට එනවා. To edit your blog use your computer to go this page http://go.bloggrt.com/... කියලා. එ SMS එකෙම clamim token යි ස්වංක්‍රීයව ලැබෙන බ්ලොග් ලිපිනයි තියනවා.අපිට ඕනෙ නම් එකෙන් ස්වංක්‍රීයව ලැබෙන බ්ලොග් ලිපිනය වෙනුවට අපේ බ්ලොග් ලිපිනයකට මරු කර ගන්න පුලුවන්. දැන් ඉතින් නලිය phone  එකෙන් ගන්න සිර ෆොටො එ වෙලාවෙම බ්ලොග් එකේ.ගිහිල්ලම බල්න්නකෝ....                 *** Naliya's Gallery ***