Skip to main content

නලියගේ සිත් ගත් Windows7 (Naliya's PC , simplified)

" Windows7. Your PC, simplified " කියන කථාව ඇත්ත

XP වලින් Vista වලට මාරු වෙලා වැඩ කරගෙන යද්දි,මොන ජරාවක්ද කියලා හිතුනා,පෙනුම විතරයි වැඩ කරගෙන යන්න අමාරුයි.එක නිසා අයෙත් XP දාගෙන ගොඩක් කල් වැඩ කරගෙන ගියා. Windows 7 අවා කියුවම එච්චර Windows7 වලට මාරු වෙන්න තදියමක් තිබුනෙ නෑ මොකද Vista අවුල් වුන නිසා.යාලුවෝ දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලලා හොදයි කියපු නිසා දාගෙන බැලුවා...
ෂා.... නියමයි ! Speed නියමටම, ඉක්මනට Boot වෙනාවා.Graphics,Vista වලට වඩා නියමයි.සරලයි.

Windows7 වල නලියට වැඩියෙන්ම සිත් ගත්තේ
Windows7 Search එක
.

මාර speed. අවශ්‍ය දේ ගොඩාක් දුරට හරියටම හොයලා දෙනවා.
අනෙත් windows Versions වල නැති සොයා දෙන දේ , Programs,Files, Favorites and history .... වැනි ආකර වලට වර්ගීකරණය(Categorize) කරලා ලැබෙනවා.





තව දෙවල් දෙකක් ගැන කියන්න තියනවා.

  1. පුංචි කලෙ ඉදන් Use කරපු Paint මුල් වරට වෙනස් වෙලා බලන්න ආසයි.වැඩ කැලි වැඩි වෙලා.
  2. windows Movie Maker වෙනුවට Windows DVD Maker අවිල්ලා තියනවා.


Comments

  1. mamath ayeth 7 dala balanna oana koheda mage sound kard eka ganne nee ne essalgo ekak

    ReplyDelete
  2. උඹ ටිකක් ටෙක්නිකල් පොරක් වගේ මචං. ඇන්ටිවයිරස් ප්‍රෝග්‍රෑම් එකෙන් සමහර .exe files වයිරස් හැටියට කියෝන එක නවත්තන්න ක්‍රමයක් උඹ දන්නවද?

    ReplyDelete
  3. අයි සයිස් එකත් ගොඩක් අඩුයි 8GB විතර වෙනවා

    ReplyDelete
  4. @සැකකරු
    හරියටම ප්‍රොග්‍රැම් එකයි,වයිරස් ගාර්ඩ් එකයි මොකක්ද කියල දන්නේ නැතුව දෙයක් කියන්නේ හොද නෑ

    @වැප්
    සිරාවට,දැනට මම use කරපු speedම OS එක.XP වලට වඩා සැහෙන්න වෙනසක් තියනවා

    ReplyDelete
  5. මට නං ලිනක්ස් තමයි. හිතේ හැටියට ඕනෙම දෙයක් කරන්න. Linux Rox!

    ReplyDelete
  6. @ශාකුන්තල
    ලිනක්ස් වලට බහින්න ආසයි( උඹේ බ්ලොග් එක කියවලාම තමයි අසාව ඇති වුනේ ),ඒත් නොදන්න දෙමලෙට ගිහින් වරිගේ නහා ගන්න වෙයිද දන්නේ නෑ,

    ReplyDelete
  7. 7 නියමයි. මමත් beta version එක දාගෙන හිටියා. ගිය සතියෙ original එක කියල torrent වලින් එකක් ගත්තා. ඒක 64bit. install කලාට පස්සෙ තමා දන්නෙ. අවුලක් වෙයිද දන්නෑ. හැබැයි තාම හොදට වැඩ.අවුලකට තියෙන්නෙ movie maker නැහැ. හැබැයි වෙනම download කර ගන්න පුලුවන්.

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !