Skip to main content

නලියා හිතන්නේ, ණුවනක්කාරයො තුන් දෙනෙක්

කාලෙකින් පස්සේ නලියා ජොටයින්ට් එකට ලියන්න වෙලාවක් හා දේයක් ලැබුනා,හැබැයි මේ ගැන මීට මාසයකට ඉස්සල්ලා ලියන්න තිබුනම් හොදයි.
මේ ලියන්නෙ ගොඩාක් දෙනෙක් බලපු 3 Idiots ගැන,හින්දි ෆිල්ම්ස් බලන්න නලියට එච්චර පිරියක් නැති වුනාට,අමීර් ඛාන් රගපාන ෆිල්ම්ස් ගොඩාක් අපේ හැගීම් වලට වගේම බුද්ධියටත් කථා කරනවා,පුදුම ලස්සන කථාවක්.තාරේ සමීන් පර් ඒවගේම තවත් එකක්.
යාලුකම,ආදරය,දුක,සතුට,ඉගෙනීම,ඉගැන්වීම යන ගොඩාක් මනුෂික දෙවල් ගැන බුද්ධිමත්ව හිතලා හදපු ෆිල්ම් එකක්.
මේ කථාවේ කථා නායක ර්න්චෝ(අමීර් ඛාන්),ජිවීතෙ කියන්නෙ රේස් එකක් කියලා නිතරම විශ්වාස කරන,නිතරම එකිනෙකා පරයා යාමට උත්සහ කර යුතු යැයි සිතන තම ඉංජිනේරු පාසලේ විදුහල්පති සමග ඇතිවෙන ගැටුම් හා ජීවිතය යනු විදිය යුතු එකක මිස විදවිය යුතු එකක නොවන බව විශ්වාස කරන රන්චෝ තමන්ගේ යාලුවන්ටද එක පුරුදු කරන ආකරය මේ ෆිල්ම් එක පුරාම තියනවා.
මේ කතාවෙන් මට දැනුන විශේෂම දේ නම් ,අප ජීවිතය ගෙන යා යුත්තෙ අනුන්ගේ බල කිරිම් මත නොව,තමන් කැමති,තමන් ආස කරන ඒක කියන්නේ තමන්ගේ ඇගේම තියන දෙයින් ඉස්සරහට යැමට අවංකව කැප විය යුතු අතර එතකොත තමන්ගෙ ජවිතයට ආදරය කරන්න පුලුවන් වෙයි කියන එක තමයි.
මේක බලලා හොදට සතුටු වෙනවා වගෙම ජීවිතයට ගොඩාක් දෙවල් ගන්න තියන ෆිල්ම් එකක් දැනට මම බලලා තියන හොදම හින්දි ෆිමල්ම් එක කියුවොත් මම හරි කියලා හිතනවා.
AALL Izz Well

Comments

  1. බාගන්නවා නම් මෙන්න ලින්ක්ස්,ටොරන්ට් නම් හොය ගන්න පුලුවන්නේ
    http://hotfile.com/dl/27174066/a009184/3.Idiots.2009.x264.DVDSCR_Hotfile-Zone.com.part1.rar.html

    http://hotfile.com/dl/27175441/15cb802/3.Idiots.2009.x264.DVDSCR_Hotfile-Zone.com.part2.rar.html

    http://hotfile.com/dl/27177263/4412620/3.Idiots.2009.x264.DVDSCR_Hotfile-Zone.com.part3.rar.html

    http://hotfile.com/dl/27177933/48476d1/3.Idiots.2009.x264.DVDSCR_Hotfile-Zone.com.part4.rar.html

    ReplyDelete
  2. ආ මේක එල තමා මාත් බලල තියනවා

    ReplyDelete
  3. මාත් බැලුවා මට නම් එච්චර ඇල්ලුවේ නැහැ

    ReplyDelete
  4. @ම
    ඇයි ම්චෝ එකේ බොන සීන් එකකුත් තිබුනනේ?
    එ යටිකවත් ඇල්ලුවේ නැද්ද හික්! හැබැයි උන් තුන් දෙනා බොන්නේ රම් ,ගල් නෙමෙයි එක වෙන්න ඇති උඹට අල්ලන්නේ නැත්තේ.
    හික් හික්

    ReplyDelete
  5. මං හිතුවේ නලියව කවුරු හරි සයිබර් හොරෙක් උස්සලා කියලා. මම කියවන්න ආසම බ්ලොග් එකක් තමයි නලියා ජොයින්ට්. ස්තුතියි නැවත ආවට.

    ReplyDelete
  6. ela ela ,aye digatama liyanna.
    aththatama mokada wela thibune naliyata.

    ReplyDelete
  7. අත්තටම මේ දවස් වල office එකේ මාර busy.
    අනෙත් එක තමය් පොඩි exam එකක් කරා,එකයි ලියුවෙ නත්තේ.
    ලියන්න මනසිකත්වයක් අවාම කමුබොමු එකට සටහන් දෙක තුනක් ලියුවා.ආයෙත් දිගටම ලියන්නම්.

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි...

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද? ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි, නැත්තම් ඉතින් හැමෝම කරයිනෙ, හැබැයි මුලින්ම දවසට පැය 2-3ක් මහන්සි වුනොත් මාසිකව රු:10000-20000ක් අතර ගානක් හොයන්න බැරි නෑ. එහෙනම් පටන් ගමු නේද වැඩේ. පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න. ඔය හොර ගූරාලට රු:4000-5000 ක් පුදනවාට වඩා ඒක හොදයිනෙ? ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වන දේවල් 3ක් තියනවා. ඉ-මේල් එකක් ( gmail තමයි හොද මෙකට ) වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් Adsense ගිණුමක් මේ ප්‍රධාන දෙවල් 3න නොමිලේම ගන්න පුලුවන් ඉ-මේල් එකට G-mail , බ්ලොග් එකට Blogspot , Adsense ගිණුම කොහොමත් නොමිලේ දෙන්නේ . මේතන click කරලා ඒවා වලට යන්න. G-mail , Blog spot , Adsense මුලින්ම G-mail එකක් හදා ගන්න, ඊට පස්සෙ බ්ලොග් එකක්, අන්තිමටම adsense ගිණුම. ***මේ හැමදේම හදනකොට නිවැරදි තොරතුරු එක්ක හදන්න.*** PS: හැබැයි බ්ලොග්...