Skip to main content

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් ඉපෙයුවාද....?

Adsense කල හරියක්,අද වි... පරිගනක සගරවේ දැක්ක දැන්විමක් දැකලයි මෙහෙම ලියන්න හිතුනේ,
එහෙමයි දැන්වීමේ කියන්නේ,අන්තර්ජාලයෙන් මාසිකව ලක්ෂයක් උපයන්න.ඔය ලක්ෂයක් උපයන්න කියලා දෙන අය කීයක් උපයනවද කියල මුලින්ම අහන්න (අන්තර්ජාලයෙන් මසයකට ගත්ත සල්ලි ගාන,ගිය කාලය සාක්ෂි ඇතුව පෙන්නන්න කියන්න ).ඊට පස්සෙ ඔගොල්ලොම තීරනය කරන්න ඒ සම්මන්ත්‍රනයට යනවද නැද්ද කියලා.

දැනට අවුරුද්දකට විතර ඉස්සර Adsense ගුරූලා වැහි වැහැලා.පරිගනක සගරාවල පිරෙන්න අන්තර්ජලයෙන් අසිමිතව මුදල් උපයන්න කියලා,ලහිපිටෙත් තියනවා දැක්කම හිනා යනවා.
හොර ගුරාලා රු:4000-5000ක් ගන්නෙ ඉ-මේල් ගිනුමක්,බ්ලොග් එකක හා Adsense ගිනුමක් හදා ගන්න කියල දෙන්න.(අන්තර්ජලය තුල ඕන තරම් නොමිලේ ලබා දෙන Data entry වැඩසටහන් online T.V වැඩසටහන් මෙයට අතුලත් කරලා මෝඩ Marketing පාරකුත් යනවා. )
කොච්චර අපරාදයක් ද?
මේ හොර ගුරාලා දාන දැන්වීම් වලට රැවටිල සමහර දුප්පත් ළමයි ණයට සල්ලි අරන් මෙවා ඉගෙනෙ ගන්න(මම දන්න සිද්ධි කිහිපයක් තියනවා).ඇයි මුන් කෙලින්ම කියන්වනෙ රැකියවක් දෙනවා කියලා.හරියට අම්මගෙ අප්පගෙ දේපල වගේ.එ අහිංසක ළමයි දන්නෙ නෑ මෙ සියල්ලම නොමිලේ හරි ලෙසියෙන් ඉගෙන ගන්න පුලුවන් දෙවල් කියලා.හැබැයි අන්තර්ජලයෙන් මුදල් උපයන එක ඔය දැන්වීම් වල කියන තරම් ලෙසි නෑ.
හොර ගුරාලා කරන්නේ මෙහෙම මුදල් උපයන ක්‍රමයක් තියනවා කියලා කියලා දෙන එක විතරයි.එත් කොහොමද සල්ලි ගන්නෙ කියලා දෙන්නෙත් නෑ මුන් දන්නෙත් නෑ.(අවුරුද්දකට විතර ඉස්සර ප්‍රසිද්ධ හොර ගුරෙක්, කන්ඩයම් හදාගෙන එකින් එකාගේ Ads වලට click කර ගන්න ගිහින් ඔක්කොටම කෙල වෙලා ගියා )
මගේ අදහස නම් ,
කියල දෙන එක හරියට කියලා දෙන්න ඔනේ.මුදල් උපයන ක්‍රමයක් තියනවා කියලා කියලා දෙන එක විතරක් නෙමෙයි,එවා වලින් නිවැරදිව කරන්නේ කොහොමද කියලත් කියල දෙන්න ඕනේ,අඩුම ගානෙ බ්ලොග් එක නිවැරදිව Promote කර ගන්නෙ කොහොමද කියලවත් කියල දෙන්න ඔනේ.
මේ ගැන අදහස් ලියලා comment එකක දාන්න.අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔය රු:4000-5000 සම්මන්ත්‍රන වලින් කියලා දෙන දෙවල් මම නොමිලේ කියලා දෙන්නම්.අවශ්‍ය වන්නෙ හොද අන්තර්ජාල සම්බන්දතාවක්(512kbps වගේ ) පමනයි.

Comments

  1. ha ha me gura nam hoda gurek free ugannanawa, ele ela

    ReplyDelete
  2. @amith
    මචන් උබත් දන්නවනේ adsense ක‍රන එකෙක් විදියට ඒක ඉගෙන ගන්න රු4000ක් දෙන්න ඔනෙ නෑ කියලා.

    ReplyDelete
  3. මේ මටත් කියා දියන්කො බන්..හැබැයි මම ‍ඔය ගුරුන්ට නම් අහවුන් නැහැ

    ReplyDelete
  4. cricket මැචි එකක් දවසට බ්ලොග් එකකින් ඩොලර් 200ක් 300ක් හොයන ඉන්දියන් කාරයො ඉන්නවා ---උන්ගේ ක්ලාස් එකකට ගියා නම් ගොඩ

    ReplyDelete
  5. ඇත්ත කතාව
    මුන් කරන්නේ මිනිස්සුන්ගෙ නොදැනුවත් කමින් ප්‍රයෝජන ගන්න එක.ඒකෙ ඉන්න සමහර ගුරාල බී ඇස් සී එක ඉස්සරහට දාගන පොර ටෝක් දෙනවා.ඇයි උන් කියන එව්වා
    නොමිලේ අන්තර්ජාතිකව පිළිගත් බැංකු ගිණුමක්
    සැටලයිට් රූපවාහිනී චැනල් 2500 ක් නැරඹිය හැකි රහස් මෘදුකාංග
    විනාඩි කීපයකින් වෙබ් අඩවියක් සාදා ගත හැකි රහස් ක්‍රම

    ඇත්තමයි මුන් මේ කියන එච්චා දැක්කම ඒ ගොල්ල පාරෙ යන්නෙ රෙදි ඇඳන්ද කියල හිතෙනවා

    ReplyDelete
  6. ඔයත් ඔය වගෙ වැඩක් කළා නෙද http://rocklk.com වල ?
    හැබැයි දැන්නම් domain expired

    ReplyDelete
  7. කතා ඈත්ත. අන්තර්ජාලයෙන් ඔය කියන විදිහහට මුදල් උපයන එක ලේසි වැඩක් නම් නෙමෙයි, නමුත් ක්‍රමේ අල්ල ගත්තොත් අමාරුත් නෑ.
    කොටස් වෙළඳපල ආයෝජනය ගැන මොකද්ද අදහස? ඒකත් හොඳ ක්‍රමයක්, අර තරම්වත් වෙහෙසෙන්න ඕනෙ නෑ.
    http://mysinhalablog.blogspot.com/2009/09/investing-in-colombo-stock-exchange.html

    ReplyDelete
  8. බ්ලොග් අවකාසෙත් ඔය වගේ හොර ගුරෙක් ඉන්නවා. ;)

    ReplyDelete
  9. @amila
    ඔයා පොර ටොක් දාපු Bsc හොර ගුරාට මම කියල තියෙන්නෙ adsense උගන්න එකේ,ගුරා සල්ලි ගත්තා කියලා ඔප්පු ක‍රල පෙන්නන්න කියලා හැබැයි දැම් මාස 6 කටත් වැඩි තාම පෙන්නන්න බැරි උනා පොරට.
    නොමිලේ අන්තර්ජාතිකව පිළිගත් බැංකු ගිණුමක් කියන්න - paypal
    සැටලයිට් රූපවාහිනී චැනල් 2500 ක් නැරඹිය හැකි රහස් මෘදුකාංග කියන්නෙ-www.satellitetvtopc.com යි,ඒ වගේ තවත් ඒවා ටිකකුයි
    විනාඩි කීපයකින් වෙබ් අඩවියක් සාදා ගත හැකි රහස් ක්‍රම කියන්නෙ- blogspot
    අත්තටම මුන්ට ලැජ්ජ නෑ

    ReplyDelete
  10. @Anonymous1
    Rocklk.com ක‍රේ මම තමයි.කවදවත් සල්ලි අරන් නැ කාගෙන්වත්.එහෙම කෙනෙක් ඉන්නවනන් හ‍රියට නම ගම කියන්න.

    ReplyDelete
  11. @Madhawa Ranga
    අන්තර්ජාලයෙන් මුදල් ඉපයන ක්‍රම අල්ලා ගත්තොත් අමාරුත් නෑ,ගෙද‍ර ඉදන් සල්ලි හම්බක‍රන්න පුලුවන් හොදට.ලංකවෙ එහෙම ක‍රන අය ගොඩාක් ඉන්නවා.
    ------
    මමත් බැංකුවකරුවෙක් නිසා, කොටස් වෙළඳපල ආයෝජනය ගැන හොද අදහසක් තියනවා.මමත් කොටස් වෙළඳපල ආයෝජනය ක‍රලා තියනවා.එවලින් හොද ලාබ උපයලත් තියනවා.මේ සතියෙ ඇතුලත අනිවාර්යෙන් කොටස් වෙළඳපල ආයෝජන ගැන ලියන්නන්.

    ReplyDelete
  12. මම සුමිත්
    මටත් කියලා දෙන්නකො
    කියලා දෙන්නෙ ඉමේල් වලින්ද? නැතිනම් ඔයාගේ බොලොග් එකේද?
    ඉමේල් sumithabcd@gmail.com

    ReplyDelete
  13. බ්ලොග් එකෙන් කියල දෙනන්ම්

    ReplyDelete
  14. ela macho.. ela wedak ubage blog ekata awe nam ada. but elama ela.. godak dewal thiyanawa ganta.. gannam ok aulak na ne..... ude idam handa wenakan net eke melodeyak danne na. film bana eka thma karanne.. dannan mata karanta deyak thiyei wahe.. thanks...

    ReplyDelete
  15. එල එල, මටත් තියන එකම සතුට මම ලියන එවලින් කවුරුහ‍රි මොනවා හරි ඉගෙන ගන්නවනම් එක තමයි.comments කියවන කොට මාර සතුටක් දැනෙන්නේ.
    කාලයෙන් උප‍රිම දෙයක් ක‍්ර ගන්න එක තමයඉ හොද...
    Keep In Touch

    ReplyDelete
  16. ලලිත්ගෙන්,
    උඔට ජය වේවා!
    අහිංසක මිනිසුන්ව හොරුන්ගෙන් මුදවාගන්න උඔ ගන්නා උත්සාහයට මගේ සුභ පැතුම් එක් කරමි.http://jvplife.blogspot.com/

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

Google Maps වල වටිනාකම නලියට හොදටම දැනුනා.

මේ සටහන නලියගෙ phone කට්ටෙ තියන වටිනාම හා නලියගෙ ප්‍රියතම ඇප්ලිකේෂන් එක ගැන,ඒ තමයි Google Maps ඊයේ බයික් එකෙන් පොඩි රවුමක් ගහලා එනකොට බේස් ලයින් පාරෙන් අතුරු පාරකට දැම්ම ඉක්මනින් ගාලු පාරට එන්න කියලා නලියට උතුර දකුණ හොයා ගන්න බැරි වුනා.පාර අහන්න, කවුරුත් පේන්න නෑ ආයෙත් හැරිලා යනකොටම මතක් වුනා කෝකටත් ළග ඉන්න නලියගේ ෆොන් කට්ට.එකේ ඉන්නවනේ ගූගල් ලොකු අයියගේ සිතියම. Google Maps ගිහින් බලුවා මම ඉන්න තැන නියමටම නිල් පටින් බ්ලින්ක් වෙනවා. විනාඩි 2න් හරියටම ඉන්නෙ කොතනද යන්න ඕනේ කොහෙටද කියලා හොයා ගත්තා.ඇත්තටම මට එක එ වෙලවේ මාර ප්‍රයොජනවත් උනා. GPS ලංකවට තිබුනානම් නියමයි කියලා එ වෙලාවෙ හිතුනා. කස්ටියට මේක බාගන්න ඕනේනම් මෙතනින් යන්න. ගිහින් ෆෝන් එකෙ මොඩ්ල් එක දාලා Google maps කියලා Search කරන්න ෆෝන් එකෙන්ම ගිහින් බාගන්න ඔනේනම් wap.getjar.com ගිහින් Google maps කියලා Search කරන්න එතකොට එනවා.ඊට පස්සේ කෙලින්ම බාගන්න තියෙන්නේ. දැන් ඉතින් බය නෑ ඕනම තැනක පොර වගේ ගිහින් අතරමන් නොවී එන්න පුලුවන්. ***තව එකක් පොර වගේ යනකොට GPRS සිග්නල් තියන පැත්තක් නම් විතරක් යන්න***.

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද? ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි, නැත්තම් ඉතින් හැමෝම කරයිනෙ, හැබැයි මුලින්ම දවසට පැය 2-3ක් මහන්සි වුනොත් මාසිකව රු:10000-20000ක් අතර ගානක් හොයන්න බැරි නෑ. එහෙනම් පටන් ගමු නේද වැඩේ. පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න. ඔය හොර ගූරාලට රු:4000-5000 ක් පුදනවාට වඩා ඒක හොදයිනෙ? ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වන දේවල් 3ක් තියනවා. ඉ-මේල් එකක් ( gmail තමයි හොද මෙකට ) වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් Adsense ගිණුමක් මේ ප්‍රධාන දෙවල් 3න නොමිලේම ගන්න පුලුවන් ඉ-මේල් එකට G-mail , බ්ලොග් එකට Blogspot , Adsense ගිණුම කොහොමත් නොමිලේ දෙන්නේ . මේතන click කරලා ඒවා වලට යන්න. G-mail , Blog spot , Adsense මුලින්ම G-mail එකක් හදා ගන්න, ඊට පස්සෙ බ්ලොග් එකක්, අන්තිමටම adsense ගිණුම. ***මේ හැමදේම හදනකොට නිවැරදි තොරතුරු එක්ක හදන්න.*** PS: හැබැයි බ්ලොග්...