Skip to main content

කොටස් වෙළෙදපොළ ආයෝජන අරඹමු......


ගොඩාක් කට්ටිය අහලා තිබුනා කොටස් වෙළෙදපොළ අයොජන ඒ කියන්නේ සමාගම්වල කොටස් අරගෙන එවලින් ලාභ උපයන ආකාරය ගැන,ඒ ගැන සටහනක් තියන්න හිතුනා
කොටස් වෙළෙදපොළ අයොජන කියන්නෙ මොකක්ද?කොටස් මිළදී ගන්නේ කොහොමද?ලාභ ලබන්නේ කොහොමද යන ප්‍රශ්න දැන් ඔලුවල එනවා ඇති.මම කියන්නන් කොහොමද කියලා

කොටස් වෙළෙදපොළ අයොජන කියන්නෙ මොකක්ද?
ලංකවේ නම් කොළඹ කොටස් හුවමරුව(එහි නිල වෙබ් අඩවීය ) මගින් මෙම කටයුතු සිදුවේ.මෙහි ලියාපදිංචි කරා ඇති සමගම් වල කොටස් මිළට ගැනිම, කොටස් වෙළෙදපොළ අයොජන නම් වේ.මෙම කොටස් අවශ්‍ය මිළට පැමිනි විට විකිණීමේන් ලාභ උපයයි.

ලාභ ලබන්නේ කොහොමද?
අපි මිළට ගන්න කොටස් මිළදී ගත් ගනට වඩා වැඩි ගනකට විකිණීමෙන් තමයි ලාභ ගන්නේ.
උදා: x නැමැති සමාගමේ කොටසක් රු:120 ගානේ කොටස් 100 මිළදී ගත්තා කියමු. (රු:120*100=රු12,000/=). ඊළග දවසේ එම සමාගමේ කොටසක් රු:140 ක් වී ඇති විටකදී ඒම කොටස් 100 අපි විකුනුවා කියමු (රු:140*100=රු:14,000/=)

මෙහිදි තැරැවුකරුවන්ට අප විසින් මිළදී ගන්න,විකුනන සැම සැම කොටස් වටිනකමකින්ම 1% කොමිස් මුදලක් ගෙවීමට සිදුවෙනවා. ඉහත උදාහරනයේ කොමිස් මුදල= (12000+14000)*1% = 120+140 = රු:260/=

අපිට ලැබු ලාභය =කොටස් විකිනිමේන් ගත් ආදායම - තැරැව් කරුවන්ට ගෙවන කොමිස් මුදල =(1400-12000)-260
= රු:1740/=

ඔබට ලැබෙන ලාභය තීරණය වන්නෙ,

* ඔබ දරන්නට කැමති අවදානමේ ප්‍රමාණය(උදා:ගන්න කොටස් ප්‍රමණය,කොටස් මිළදී ගන්න සමාගම )
* ඔබගේ ආයෝජනය යළි මුදල් බවට පත් කරන කාලය

කොහොමද කොටස් මිලට ගන්නෙ?
ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා.
  • මූලික වෙළඳපලින්(Primary Market)
  • තැරැව්කරුවෙකු හරහා (Secondary Market) මිලට ගැනීම
මම වැඩිපුර දන්නේ Secondary Market එකේ ගණුදෙණු තමයි.එක තමයි වැඩියෙන් වෙන්නෙ.එහිදි අපිට CDS ගිණුමක් (Central Depository System Account) තියෙන්න ඕනේ.

කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ?
මුලින්ම ගැළපෙන තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් නොමිලේ විවෘත කර ගත හැකියි.

තැරැව්කාර සමාගම කියන්නෙ?.
ඔබට Secondary market එකේ වෙළඳාම් කරනවා නම්, අනිවාර්යයෙන්ම තැරැව්කරුවෙක් අවශ්‍යයි
එම සමාගම ඔබට උපදෙස් දෙනවා (නොමිලේ )
  • මොනවද මිළට ගන්න හොඳ කොටස් ,
  • දැන්වෙළඳපළ තත්වය,
  • පසුගිය වෙළෙදපොල වාර්තා.....
තැරැව්කාර සමාගම විසින් නොමිලේ උපදේශකයෙක් (Investment Adviser) ලැබෙනවා, ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.
ලංකාව තුළ මෙවැනි සමාගම් 21ක් තිබෙනව, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්
තැරැව්කාර සමාගම් වල ලිපින හා දුරකතන අංක ගැනිමට මෙතනින් යන්න.
එම සමගම් විසින් ඔබට සියලු විස්තර සපයයි.

කොටස් වෙලදපොළ අයොජනයේ තව වැදගත් කරුණු ඊළග දවසේ කියන්නම්.

Comments

  1. මමත් මේ ගැන ලිපි පෙළක් ලියාගෙන යනව, පොඩ්ඩක් බලන්නකෝ.
    "කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක් (Investing in Colombo Stock Exchange)"
    http://mysinhalablog.blogspot.com/2009/09/investing-in-colombo-stock-exchange.html

    ReplyDelete
  2. මම මේක කියවලා තියනවා,ඔයත් මට කියුවානේද cse එක ගැන ලියන්න කියලා.
    ඔයගෙ සටහන් වල හොදට විස්ත‍ර ඇතුව තියනවා මගේ සටහනට වඩා.කොටස් අයොජන පිළිබද මම දන්න, හොයගන්න විශේෂිත කරුණු ටිකක් ලියන්න අරම්භක සටහන වශයෙන් මේ සටහන ලියුවේ.

    **CSE ගැන දිගටම ලියමු සහොද‍රයා***

    ReplyDelete
  3. බොහොම ස්තුතියි. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
  4. @තමීර
    ප්‍රතිචාර වලට ස්තුතියි !, ලොකු සතුටක් ලියන එක ගැන.

    ReplyDelete
  5. බොහොම වටින ලිපියක්. ගොඩක් දේ ඉගෙන ගත්ත..
    ජය වේවා!!

    ReplyDelete
  6. @Naliya: එල එල. දිගටම ලියන්න. සමහරවිට මටත් ඔයාගෙ ලිපි වලින් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන