Skip to main content

කොටස් වෙළෙදපොළ ආයෝජන අරඹමු......


ගොඩාක් කට්ටිය අහලා තිබුනා කොටස් වෙළෙදපොළ අයොජන ඒ කියන්නේ සමාගම්වල කොටස් අරගෙන එවලින් ලාභ උපයන ආකාරය ගැන,ඒ ගැන සටහනක් තියන්න හිතුනා
කොටස් වෙළෙදපොළ අයොජන කියන්නෙ මොකක්ද?කොටස් මිළදී ගන්නේ කොහොමද?ලාභ ලබන්නේ කොහොමද යන ප්‍රශ්න දැන් ඔලුවල එනවා ඇති.මම කියන්නන් කොහොමද කියලා

කොටස් වෙළෙදපොළ අයොජන කියන්නෙ මොකක්ද?
ලංකවේ නම් කොළඹ කොටස් හුවමරුව(එහි නිල වෙබ් අඩවීය ) මගින් මෙම කටයුතු සිදුවේ.මෙහි ලියාපදිංචි කරා ඇති සමගම් වල කොටස් මිළට ගැනිම, කොටස් වෙළෙදපොළ අයොජන නම් වේ.මෙම කොටස් අවශ්‍ය මිළට පැමිනි විට විකිණීමේන් ලාභ උපයයි.

ලාභ ලබන්නේ කොහොමද?
අපි මිළට ගන්න කොටස් මිළදී ගත් ගනට වඩා වැඩි ගනකට විකිණීමෙන් තමයි ලාභ ගන්නේ.
උදා: x නැමැති සමාගමේ කොටසක් රු:120 ගානේ කොටස් 100 මිළදී ගත්තා කියමු. (රු:120*100=රු12,000/=). ඊළග දවසේ එම සමාගමේ කොටසක් රු:140 ක් වී ඇති විටකදී ඒම කොටස් 100 අපි විකුනුවා කියමු (රු:140*100=රු:14,000/=)

මෙහිදි තැරැවුකරුවන්ට අප විසින් මිළදී ගන්න,විකුනන සැම සැම කොටස් වටිනකමකින්ම 1% කොමිස් මුදලක් ගෙවීමට සිදුවෙනවා. ඉහත උදාහරනයේ කොමිස් මුදල= (12000+14000)*1% = 120+140 = රු:260/=

අපිට ලැබු ලාභය =කොටස් විකිනිමේන් ගත් ආදායම - තැරැව් කරුවන්ට ගෙවන කොමිස් මුදල =(1400-12000)-260
= රු:1740/=

ඔබට ලැබෙන ලාභය තීරණය වන්නෙ,

* ඔබ දරන්නට කැමති අවදානමේ ප්‍රමාණය(උදා:ගන්න කොටස් ප්‍රමණය,කොටස් මිළදී ගන්න සමාගම )
* ඔබගේ ආයෝජනය යළි මුදල් බවට පත් කරන කාලය

කොහොමද කොටස් මිලට ගන්නෙ?
ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා.
  • මූලික වෙළඳපලින්(Primary Market)
  • තැරැව්කරුවෙකු හරහා (Secondary Market) මිලට ගැනීම
මම වැඩිපුර දන්නේ Secondary Market එකේ ගණුදෙණු තමයි.එක තමයි වැඩියෙන් වෙන්නෙ.එහිදි අපිට CDS ගිණුමක් (Central Depository System Account) තියෙන්න ඕනේ.

කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ?
මුලින්ම ගැළපෙන තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් නොමිලේ විවෘත කර ගත හැකියි.

තැරැව්කාර සමාගම කියන්නෙ?.
ඔබට Secondary market එකේ වෙළඳාම් කරනවා නම්, අනිවාර්යයෙන්ම තැරැව්කරුවෙක් අවශ්‍යයි
එම සමාගම ඔබට උපදෙස් දෙනවා (නොමිලේ )
  • මොනවද මිළට ගන්න හොඳ කොටස් ,
  • දැන්වෙළඳපළ තත්වය,
  • පසුගිය වෙළෙදපොල වාර්තා.....
තැරැව්කාර සමාගම විසින් නොමිලේ උපදේශකයෙක් (Investment Adviser) ලැබෙනවා, ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.
ලංකාව තුළ මෙවැනි සමාගම් 21ක් තිබෙනව, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්
තැරැව්කාර සමාගම් වල ලිපින හා දුරකතන අංක ගැනිමට මෙතනින් යන්න.
එම සමගම් විසින් ඔබට සියලු විස්තර සපයයි.

කොටස් වෙලදපොළ අයොජනයේ තව වැදගත් කරුණු ඊළග දවසේ කියන්නම්.

Comments

  1. මමත් මේ ගැන ලිපි පෙළක් ලියාගෙන යනව, පොඩ්ඩක් බලන්නකෝ.
    "කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක් (Investing in Colombo Stock Exchange)"
    http://mysinhalablog.blogspot.com/2009/09/investing-in-colombo-stock-exchange.html

    ReplyDelete
  2. මම මේක කියවලා තියනවා,ඔයත් මට කියුවානේද cse එක ගැන ලියන්න කියලා.
    ඔයගෙ සටහන් වල හොදට විස්ත‍ර ඇතුව තියනවා මගේ සටහනට වඩා.කොටස් අයොජන පිළිබද මම දන්න, හොයගන්න විශේෂිත කරුණු ටිකක් ලියන්න අරම්භක සටහන වශයෙන් මේ සටහන ලියුවේ.

    **CSE ගැන දිගටම ලියමු සහොද‍රයා***

    ReplyDelete
  3. බොහොම ස්තුතියි. නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
  4. @තමීර
    ප්‍රතිචාර වලට ස්තුතියි !, ලොකු සතුටක් ලියන එක ගැන.

    ReplyDelete
  5. බොහොම වටින ලිපියක්. ගොඩක් දේ ඉගෙන ගත්ත..
    ජය වේවා!!

    ReplyDelete
  6. @Naliya: එල එල. දිගටම ලියන්න. සමහරවිට මටත් ඔයාගෙ ලිපි වලින් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද? ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි, නැත්තම් ඉතින් හැමෝම කරයිනෙ, හැබැයි මුලින්ම දවසට පැය 2-3ක් මහන්සි වුනොත් මාසිකව රු:10000-20000ක් අතර ගානක් හොයන්න බැරි නෑ. එහෙනම් පටන් ගමු නේද වැඩේ. පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න. ඔය හොර ගූරාලට රු:4000-5000 ක් පුදනවාට වඩා ඒක හොදයිනෙ? ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වන දේවල් 3ක් තියනවා. ඉ-මේල් එකක් ( gmail තමයි හොද මෙකට ) වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් Adsense ගිණුමක් මේ ප්‍රධාන දෙවල් 3න නොමිලේම ගන්න පුලුවන් ඉ-මේල් එකට G-mail , බ්ලොග් එකට Blogspot , Adsense ගිණුම කොහොමත් නොමිලේ දෙන්නේ . මේතන click කරලා ඒවා වලට යන්න. G-mail , Blog spot , Adsense මුලින්ම G-mail එකක් හදා ගන්න, ඊට පස්සෙ බ්ලොග් එකක්, අන්තිමටම adsense ගිණුම. ***මේ හැමදේම හදනකොට නිවැරදි තොරතුරු එක්ක හදන්න.*** PS: හැබැයි බ්ලොග්...

Google Maps වල වටිනාකම නලියට හොදටම දැනුනා.

මේ සටහන නලියගෙ phone කට්ටෙ තියන වටිනාම හා නලියගෙ ප්‍රියතම ඇප්ලිකේෂන් එක ගැන,ඒ තමයි Google Maps ඊයේ බයික් එකෙන් පොඩි රවුමක් ගහලා එනකොට බේස් ලයින් පාරෙන් අතුරු පාරකට දැම්ම ඉක්මනින් ගාලු පාරට එන්න කියලා නලියට උතුර දකුණ හොයා ගන්න බැරි වුනා.පාර අහන්න, කවුරුත් පේන්න නෑ ආයෙත් හැරිලා යනකොටම මතක් වුනා කෝකටත් ළග ඉන්න නලියගේ ෆොන් කට්ට.එකේ ඉන්නවනේ ගූගල් ලොකු අයියගේ සිතියම. Google Maps ගිහින් බලුවා මම ඉන්න තැන නියමටම නිල් පටින් බ්ලින්ක් වෙනවා. විනාඩි 2න් හරියටම ඉන්නෙ කොතනද යන්න ඕනේ කොහෙටද කියලා හොයා ගත්තා.ඇත්තටම මට එක එ වෙලවේ මාර ප්‍රයොජනවත් උනා. GPS ලංකවට තිබුනානම් නියමයි කියලා එ වෙලාවෙ හිතුනා. කස්ටියට මේක බාගන්න ඕනේනම් මෙතනින් යන්න. ගිහින් ෆෝන් එකෙ මොඩ්ල් එක දාලා Google maps කියලා Search කරන්න ෆෝන් එකෙන්ම ගිහින් බාගන්න ඔනේනම් wap.getjar.com ගිහින් Google maps කියලා Search කරන්න එතකොට එනවා.ඊට පස්සේ කෙලින්ම බාගන්න තියෙන්නේ. දැන් ඉතින් බය නෑ ඕනම තැනක පොර වගේ ගිහින් අතරමන් නොවී එන්න පුලුවන්. ***තව එකක් පොර වගේ යනකොට GPRS සිග්නල් තියන පැත්තක් නම් විතරක් යන්න***.

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***