Skip to main content

ලංකවේ දවසින් දවස Hit වෙන Sony Ericsson....


ලංකවෙ දැන් දැන් ප්‍රචලිත වෙමින් යන Sony Ericsson phone 2ක් ගැන තමයි මේ සටහන.Sony Ericsson කවදත් සපයන පහසුකම් වලට පාඩු නැති,සදාරන මිලකට phone සපයනවා.ඒ වගේම හොද පෙනුමක් තියෙන හැන්ඩි phone වැඩියෙන් තියෙන්නෙ sony ericsson වල තමයි.
ඕන තැනක කැත නැතුව බස්සන්න පුලුවන්.


අලුත් phone දෙක තමයි,
S302 හා W302 .

දෙකෙ වෙනසකට තියෙන්න එකක් walkman Series, s302 එකෙ කැමර එකට LED ෆ්ලැෂර් එකක තියනවා.
කැමරා 2mpixel ,ෆොන් මෙමරි 20Mb,කාඩ් මෙමරි 512MB(M2) ෆොන් එකට එනවා 4GB වෙනකන් ගහන්න පුලුවන්
දෙකේ 3G නම් නෑ.

එත් ගානට නම් වටිනවා.
S302 - රු:10,500/=
w302 - රු:12,500/=

(අද කොළඹින් බැලුවාම දෙන්නන් කියුව ගැන තව අඩු කර ගන්න පුලුවන්)

Comments

  1. මමත් පාවිච්චි කරන්නෙ se එකක් තමා

    ReplyDelete
  2. SE thamai ooi Phone.. <3

    kanna puluwan.. :)

    ReplyDelete
  3. මේකේ w302 වල පාට නිල් පාටද බං? පාටනම් අවුල්. සවුන්ඩ්ස් ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ. කළු පාට version එකක් නැද්ද?

    ReplyDelete
  4. නිල් පාට s302 ක,එකෙ අළු පාට එකකුත් තියෙන්නෙ.සටහනේ පින්තුරය බලන්න,w302 කළු පාටයි අළු පාටයි එනවා.

    ReplyDelete
  5. මේවා 2MP කැමරා කිව්වට K750i එකේ 2MP කැමරාව තරම් හොඳ නෑ නේද දැං එන ඒවා?
    මගේ යාලුවෙක් ගත්ත K530 එ‍කේ කැමරාව 2MP උනාට පින්තූර කොලිටි හරි නෑ.

    ReplyDelete
  6. @ඉන්දරේ
    k750i මගේ මුල්ම Sony ericsson ෆොන් එක,එකනන් මගේ ජීවිතේ පවිච්චි ක‍රපු සිරාම ෆොන් එකක්.ගත්තෙ 2006 මුල,රු:27000 කට,
    *k750 එකෙ කැම‍රා එක 1632x1224 pixels,තව autofocus තියනවා.
    *s302 එකෙයි k530i එකෙයි කැම‍රා 1600x1200 pixels,එකයි k750i වල කැම‍රා එක හොද
    2MP කියන්නෙ අසන්නම ගාන

    ReplyDelete
  7. ඔය පික්සල් කීපයෙ නෙමෙයි ප්‍රශ්නය. (වෙනස පික්සල් සුලු ගාණයි නේ)
    දැං එන අඩු මිල SE දුරකථන වල Cam Driver එකත්, CCD එකත් කලින් ආපු 750i එකේ තරම් හොඳ නෑ මං හිතන්නෙ. K530i එකෙන් ගන්න ඡායාරූප වල මද බොඳ ගතියක් තියෙන්නෙ.

    ReplyDelete
  8. k series phone වල කැම‍රා වල ලොකු වෙනසක් මමනම් දකින් නෑ,තියන සුලු වෙනස ඔය පික්සල් ගාන කියලයි මම හිතන්නේ. Cam Driver ගැන මම එච්ච‍ර දන් නෑ.

    ReplyDelete
  9. අපෝ මේ ජරාව ගන්නෙ නැතුව පාවිච්චි කරපු K750 එකක් ගන්න එක හොදයි,අන්න phone,walkman වල ඇති රෙද්දක් නෑ

    ReplyDelete
  10. මේ phone එකට වඩා k750i හොදයි තමයි( එකෙ sounds & camera දෙකම හොදයි).ඒත් නිකන් phone වලයි Walkman series එකේ phone වල sounds වල ලොකු වෙනසක් තියනවා.

    ReplyDelete
  11. K Series High end phones වල එන්නෙත් Walkan player එකම තමානේ,දැන් W low-end එකකුයි K high-end එකකුයි compare කරන්න බෑ නේද?(w200 හා k750 වගේ?)

    ReplyDelete
  12. @බුද්ධික
    ඔව් එක ඇත්ත සසදන්න අමාරුයි.ඒත් k series එකේ player එක එකම වුනාට maga base,clear base,,stereo widening, වගේ එවා නෑ,එවා වලින් w series වල සද්දෙ මාර වෙනසක් තියනවා,
    හැබැයි k series (සමාන්‍ය ෆොන් ගත්තම )වල k750i වල විත‍රයි mega base තියෙන්නේ.එකය් එක සිරා ෆොන් එකක් කියුවේ.

    ReplyDelete
  13. මම මගේ K770i දුරකථනය සඳහා පාවිච්චි කරන්නේ W810i ෆෝන් එකක් එක්ක ලැබුනු ear-plug වර්ගයේ handsfree එකක්. හඬ නං උපරිමයි ඒකේ. මම එකම mp3 ෆයිල් එක මගේ ෆෝන් එකටත්, Creative ZEN player එකකටත් දාලා බලලා තියෙනවා. ඒ හැටි වෙනසක් නෑ මගේ එකේ.

    ReplyDelete
  14. K800 තමා ‍ෆෝන් එක

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන