Skip to main content

Posts

Showing posts from March, 2010

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන

නලියා හිතන්නේ, ණුවනක්කාරයො තුන් දෙනෙක්

කාලෙකින් පස්සේ නලියා ජොටයින්ට් එකට ලියන්න වෙලාවක් හා දේයක් ලැබුනා,හැබැයි මේ ගැන මීට මාසයකට ඉස්සල්ලා ලියන්න තිබුනම් හොදයි. මේ ලියන්නෙ ගොඩාක් දෙනෙක් බලපු 3 Idiots ගැන,හින්දි ෆිල්ම්ස් බලන්න නලියට එච්චර පිරියක් නැති වුනාට,අමීර් ඛාන් රගපාන ෆිල්ම්ස් ගොඩාක් අපේ හැගීම් වලට වගේම බුද්ධියටත් කථා කරනවා,පුදුම ලස්සන කථාවක්. තාරේ සමීන් පර් ඒවගේම තවත් එකක්. යාලුකම,ආදරය,දුක,සතුට,ඉගෙනීම,ඉගැන්වීම යන ගොඩාක් මනුෂික දෙවල් ගැන බුද්ධිමත්ව හිතලා හදපු ෆිල්ම් එකක්. මේ කථාවේ කථා නායක ර්න්චෝ(අමීර් ඛාන්),ජිවීතෙ කියන්නෙ රේස් එකක් කියලා නිතරම විශ්වාස කරන,නිතරම එකිනෙකා පරයා යාමට උත්සහ කර යුතු යැයි සිතන තම ඉංජිනේරු පාසලේ විදුහල්පති සමග ඇතිවෙන ගැටුම් හා ජීවිතය යනු විදිය යුතු එකක මිස විදවිය යුතු එකක නොවන බව විශ්වාස කරන රන්චෝ තමන්ගේ යාලුවන්ටද එක පුරුදු කරන ආකරය මේ ෆිල්ම් එක පුරාම තියනවා. මේ කතාවෙන් මට දැනුන විශේෂම දේ නම් ,අප ජීවිතය ගෙන යා යුත්තෙ අනුන්ගේ බල කිරිම් මත නොව,තමන් කැමති,තමන් ආස කරන ඒක කියන්නේ තමන්ගේ ඇගේම තියන දෙයින් ඉස්සරහට යැමට අවංකව කැප විය යුතු අතර එතකොත තමන්ගෙ ජවිතයට ආදරය කරන්න පුලුවන් වෙයි කියන එක තමයි