Skip to main content

Posts

Showing posts from December, 2009

2010 ට නලියගෙන් පොඩි තෑග්ගක්!

මුලින්ම, 2 0 1 0 සු භ ම සු භ වේ වා ! කිවුවා හැමෝටම. මමනම් ඉතින් මේ අවුරුද්දේ කරන්න ඕන කියලා හිතගෙන හිටපු වැඩ ගොඩාක් කරගත්තා,2009 ගැන මතක් කරද්දී ගොඩාක් සතුටුයි. දැනට මගේ කකුල් දෙක වගේ ඉන්න බයික් එක ගත්ත එක තමයි විශේෂ.CCNA & MCP කරන්න පටන් ගත්තා,Web Developing(php+mysql) course එක කරගත්තා. ආ ආ ලොකුම දේ, මෙලො රහක් නැති Banking Exam වල Accounts විෂයPass, ඒක මට ලොකු ජයග්‍රහනයක්. ඇයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සමග එකතුවීමට ලැබිම මහත් සතුටක්.සිරා පොරවල් ටිකක් එක්ක සෙට් වෙන්න හම්බවුනා එකෙන්. මේසැරෙ, 31st Night Party වල බීලා බීලා,කකුල් කැඩෙනකන් Dance කරන්න යන්නේ නැතුව ගෙදර අය එක්ක ගෙදර ඉදන් කිරි උතුර වන්න හිටියා,හෙට ගියම තමයි මේක කථාව කියලා බයිට් වෙන්න වෙන්නේ.කමක් නැ වෙනසකටත් එක්ක ඉන්නවා.අවුරුදු පහා හයකින් ප්‍රථම වතාවට සිහියෙන් අවුරුද්ද සමරනවා ..හොදයිනේ? මේ තියෙන්නේ එක සැරෙක සැමරුමක් බිත්තියෙම ගහගෙන මතක් වෙනකොටත් නැටවෙනවා...... මගේ වැඩ කිඩ කියවලා වැඩක් නෑනේ...මෙන්න ඉතින් දෙනවා කියපු පුංචි තෑග්ග. හැම අවුරුද්දක් පටන් ගනිද්දිම වගේ,මේ අවුරුද්දෙත් අවුරුද්දම plan කරගෙන තමයි ඉන්නේ.ඒත් එක

නලියගේ සිත් ගත් Windows7 (Naliya's PC , simplified)

" Windows7. Your PC, simplified " කියන කථාව ඇත්ත XP වලින් Vista වලට මාරු වෙලා වැඩ කරගෙන යද්දි,මොන ජරාවක්ද කි යලා හිතුනා,පෙනුම විතරයි වැඩ කරගෙන යන්න අමාරුයි.එක නිසා අයෙත් XP දාගෙන ගොඩක් කල් වැඩ කරගෙන ගියා. Windows 7 අවා කියුවම එච්චර Windows7 වලට මාරු වෙන්න තදියමක් තිබුනෙ නෑ මොකද Vista අවුල් වුන නිසා.යාලුවෝ දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලලා හොදයි කියපු නිසා දාගෙන බැලුවා... ෂා.... නියමයි ! Speed නියමටම, ඉක්මනට Boot වෙනාවා.Graphics,Vista වලට වඩා නියමයි.සරලයි. Windows7 වල නලියට වැඩියෙන්ම සිත් ගත්තේ Windows7 Search එක . මාර speed. අවශ්‍ය දේ ගොඩාක් දුරට හරියටම හොයලා දෙනවා. අනෙත් windows Versions වල නැති සොයා දෙන දේ , Programs,Files, Favorites and history .... වැනි ආකර වලට වර්ගීකරණය(Categorize) කරලා ලැබෙනවා. තව දෙවල් දෙකක් ගැන කියන්න තියනවා. පුංචි කලෙ ඉදන් Use කරපු Paint මුල් වරට වෙනස් වෙලා බලන්න ආසයි.වැඩ කැලි වැඩි වෙලා. windows Movie Maker වෙනුවට Windows DVD Maker අවිල්ලා තියනවා.

Google Translate වලින් අලුත් ආකාරයක භාෂා ප‍රිවර්තකයක්...

ගූගල් පරිවර්තකය අලුත් කරලා තියනවා ඒ Google Text-To-Speech (TTS) .භාෂා 51 ක් පවර්තනය කරන්න දැන් ගූගල් පරිවර්තකයට පුලුවන්. අලුත්ම හදුන්වා දීම වන්නේ ඉංග්‍රිසියට පරිවර්තනය කරන එවා පරිඝනක ගත කරන ලද හඩකින් අසීමට ඇති හැකියවයි. මේ විදියට Speaker Icon එක Click කරාම ඇසීය හැක එම පරිඝනක හඩ මාධ්‍ය බාගත කර ගැනීමට මෙම වෙබ් අඩවියෙන් පහසුකම් සපයා තියනවා ඒත් බ්‍රව්සරය HTML 5 Supported වෙන්න ඕනේ. http://weston.ruter.net/projects/google-tts/#text=Hello ගූගල් පරිවර්තකයට මෙතනින් යන්න මේ විඩියො එකත් බලන්න

ගූගල් රැල්ළ ගලා ආ හැටි......

ඊ-මේල්හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමට....යනුවෙන් තමයි නලියා ගූගල් රැල්ළ ගැන ලියන්න පටන් ගත්තේ එතකොටත් නලිය වෙව් පවිච්චි කරලා තිබුනේ නෑ ඊට පස්සෙ තමය් නලියට ගූගල් වේව් ආරාධනා ලැබුනේ මාධව රංග සහොදරයා හා චතුරංග රූපසිංහ සහොදරයා ගෙනුයි,නැවතත් එ දෙන්නට ගොඩාක් ස්තුති. ඊට පස්සෙ නලියට ආරාධනා 24 ක්ම යවන wave එකක් එවල තිබුනා එ ගැන සටහනට ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුනා.එහි ප්‍රතිචාර දක්වපු 22ක්ටම ආරාධනා යැවුවා.නලියාගෙන් ආරධනා හම්බවුන අය ස්තූති කරලා තියෙනවා දැක්කම ගොඩාක් සතුටුයි. දැන් නැවතත් ආරධනා 20ක් ලැබිලා තියනවා.තාමත් වේව් ආරධනා නැති අය ඉන්නවානම් ඔන්න තව 18ක්ම තියනවා. දැන් තියෙන්න වේව් වලට හොද Extensions හා Gadgets ටිකක් හොයාගෙන ADD කර ගන්න තමයි Extensions හා Gadgets ගන්න මෙතනින් යන්න ප්‍රසිද්ධ එවා ගන්න මෙතනින් යන්න ගුගල් වේව ගැන සටහන් ටික එකම තැනකට ගන්න හිතුනා කස්ටියට වෙව් ගැන හොද අදහසක් ගන්න Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද? නලියත් දැන් Google රැල්ළෙ....

Google Maps වල වටිනාකම නලියට හොදටම දැනුනා.

මේ සටහන නලියගෙ phone කට්ටෙ තියන වටිනාම හා නලියගෙ ප්‍රියතම ඇප්ලිකේෂන් එක ගැන,ඒ තමයි Google Maps ඊයේ බයික් එකෙන් පොඩි රවුමක් ගහලා එනකොට බේස් ලයින් පාරෙන් අතුරු පාරකට දැම්ම ඉක්මනින් ගාලු පාරට එන්න කියලා නලියට උතුර දකුණ හොයා ගන්න බැරි වුනා.පාර අහන්න, කවුරුත් පේන්න නෑ ආයෙත් හැරිලා යනකොටම මතක් වුනා කෝකටත් ළග ඉන්න නලියගේ ෆොන් කට්ට.එකේ ඉන්නවනේ ගූගල් ලොකු අයියගේ සිතියම. Google Maps ගිහින් බලුවා මම ඉන්න තැන නියමටම නිල් පටින් බ්ලින්ක් වෙනවා. විනාඩි 2න් හරියටම ඉන්නෙ කොතනද යන්න ඕනේ කොහෙටද කියලා හොයා ගත්තා.ඇත්තටම මට එක එ වෙලවේ මාර ප්‍රයොජනවත් උනා. GPS ලංකවට තිබුනානම් නියමයි කියලා එ වෙලාවෙ හිතුනා. කස්ටියට මේක බාගන්න ඕනේනම් මෙතනින් යන්න. ගිහින් ෆෝන් එකෙ මොඩ්ල් එක දාලා Google maps කියලා Search කරන්න ෆෝන් එකෙන්ම ගිහින් බාගන්න ඔනේනම් wap.getjar.com ගිහින් Google maps කියලා Search කරන්න එතකොට එනවා.ඊට පස්සේ කෙලින්ම බාගන්න තියෙන්නේ. දැන් ඉතින් බය නෑ ඕනම තැනක පොර වගේ ගිහින් අතරමන් නොවී එන්න පුලුවන්. ***තව එකක් පොර වගේ යනකොට GPRS සිග්නල් තියන පැත්තක් නම් විතරක් යන්න***.

Yamaha Fz16 යාලුවෙක්ගේ කෑල්ල ගැන

මගේ බයික් ඒ ගැන ලියපු හැම වෙලවෙම වගේම Yamaha Fz 16 එක ගැන ගොඩාක් කට්ටිය ඇහුවා,ප්‍රමාණයෙන් එච්චරම ලොකු බයික් එකක් නොවුනට බරසාර පෙනුමෙන් අඩුවක් නැති FZ 16 එක ගැන අද ලියන්නම්. Fz16 මේ අවුද්දේ හොදම ඉන්දියානු බයික් එකට හිමි සම්මාම්න කිහිපයක්ම දිනා ගත්තා. එකේ සිත් අද ගන්නා සුලු පෙනුම අනුව ඉතා ඉදිරියෙන් එන්න බයික් එකක්.ඉන්දියානු බයික් වල ප්‍රථම වතාවට පිටුපස ටයරය ඉතා පළල් (140/60 mm) මේ බයික් එකෙ එනවා.(දැනට පවතින පිටුපස ටයරය පළල්ම ඉන්දියානු බයික් එක ) දැනට පවතින ඉන්දියන් 150cc කණ්ඩයේ හොදම pickup බයික් එකද මෙක තමයි. මිලෙනුත් ඉදිරියෙන් එන්න මේ බයික් එක VAT එක්ක රු:225,000 ක් වෙනවා. මගෙ අදහස නම් බයික් එකෙ තියන option අනුව ගාන නම් වැඩි මොකද අනෙක් ඉන්දියන් 150 cc බයික් එකකට වැඩිය රු:40,000 විතර මේක වැඩි,ඒ 40,000 මෙකේ වැඩි වෙලා තියෙන්නෙ පිටුපස පළල් ටයර් එකයි,Mono Shok එකකයි විතරයි. පෙනුමනට නම් නියම භාන්ඩේ...Show එකට රවුම ගහලා එන්න මරු,දුර ගමන් වලට නම් හරියන්නෙ නෑ,මොකද seat එක පොඩි නිසා,වැඩි වෙලවක් පදිනකොට පස්සට හොද ගනන්.පෙට්‍රල් ලීටරට 35 km වගෙ තමයි කරන්නේ... *වැඩි විස්තර ගන්න මෙතනින