Skip to main content

Google Maps වල වටිනාකම නලියට හොදටම දැනුනා.

මේ සටහන නලියගෙ phone කට්ටෙ තියන වටිනාම හා නලියගෙ ප්‍රියතම ඇප්ලිකේෂන් එක ගැන,ඒ තමයි Google Maps
ඊයේ බයික් එකෙන් පොඩි රවුමක් ගහලා එනකොට බේස් ලයින් පාරෙන් අතුරු පාරකට දැම්ම ඉක්මනින් ගාලු පාරට එන්න කියලා නලියට උතුර දකුණ හොයා ගන්න බැරි වුනා.පාර අහන්න, කවුරුත් පේන්න නෑ ආයෙත් හැරිලා යනකොටම මතක් වුනා කෝකටත් ළග ඉන්න නලියගේ ෆොන් කට්ට.එකේ ඉන්නවනේ ගූගල් ලොකු අයියගේ සිතියම.
Google Maps ගිහින් බලුවා මම ඉන්න තැන නියමටම නිල් පටින් බ්ලින්ක් වෙනවා.
විනාඩි 2න් හරියටම ඉන්නෙ කොතනද යන්න ඕනේ කොහෙටද කියලා හොයා ගත්තා.ඇත්තටම මට එක එ වෙලවේ මාර ප්‍රයොජනවත් උනා.GPS ලංකවට තිබුනානම් නියමයි කියලා එ වෙලාවෙ හිතුනා.

කස්ටියට මේක බාගන්න ඕනේනම් මෙතනින් යන්න.
ගිහින් ෆෝන් එකෙ මොඩ්ල් එක දාලා Google maps කියලා Search කරන්න
ෆෝන් එකෙන්ම ගිහින් බාගන්න ඔනේනම් wap.getjar.com ගිහින් Google maps කියලා Search කරන්න එතකොට එනවා.ඊට පස්සේ කෙලින්ම බාගන්න තියෙන්නේ.

දැන් ඉතින් බය නෑ ඕනම තැනක පොර වගේ ගිහින් අතරමන් නොවී එන්න පුලුවන්.
***තව එකක් පොර වගේ යනකොට GPRS සිග්නල් තියන පැත්තක් නම් විතරක් යන්න***.



Comments

  1. තොරතුරට ස්තූතියි

    ReplyDelete
  2. සයිට් එක ගැන කිව්වට ස්තුතියි.
    මෙකට ෆොන් එකේ GPS තියෙන්න ඔන නේද, නැත්නම් තමන් ඉන්න තැන බලාගන්න විදියක් නැහැනෙ,

    ReplyDelete
  3. hikz.. GPS thiyena Phone ekakuth gamu... ;)

    ReplyDelete
  4. එල එල මාත් දාගත්තා. දැන් බයවෙන්න දෙයක් නෑ.

    ReplyDelete
  5. mage langa google maps thiyanawa.eth eke inna thana blink wennane? Colombo walata vitharada e seen eka thiyenne?mama nuwara

    ReplyDelete
  6. @Malith
    මේකට ෆොන් එකේ GPS තියෙන්න ඕනේ නෑ.ඇප්ලීකේෂන් එක install ක‍ර ගන්න විත‍රයි තියෙන්නේ.
    ඔක්කොම free

    ReplyDelete
  7. ලංකාව හිතුවට වඩා දියුණුයි නෙවැ

    ReplyDelete
  8. GPS lankawata wada karanawa.
    ai naha kiyala kiyanne??
    gps kisima avlak nathuwa mage phone eke nam wada karanawa..

    ReplyDelete
  9. GPS , service provider දෙන්න ඕන එකක් නෙමෙයිද?
    ෆෝන් එකෙ තියනවානම් වැඩද???

    ReplyDelete
  10. GPS නැතුව කොහොමද මේ app එක අපි ඉන්න තැන track කරගන්නේ?? O_o

    ReplyDelete
  11. ඔව් මම දන්න විදියටනම් GPS අවශය පැත්ත GPS system එකක් හදලා තියෙන්න ඕනේ.ලංකාවේ එහෙම එක හදාගෙන යනවා කියලා අරංචියක් තියනවා.විස්ත‍ර හොයලා සටහනක් ලියන්නම්

    ReplyDelete
  12. ඉතිං මේ phone එකේ GPS නැතුව කොහොමද ඉන්න තැන blink උනේ?

    ReplyDelete
  13. @ඉන්දරේ
    ඉන්න තැන බ්ලින්ක් වෙන්න GPS අවශය නෑ. GPS කියන්නේ ඉන්න තැන බ්ලින්ක් වෙන එක විත‍රක් නෙමෙයි.
    GPS භාවිතා ක‍රන මොහොතෙදි එම ප‍්රදේෂයේ තත්වය දක්වන සේවාවක් උදා: ඒ වෙලාවේ පාරක තියන traffic එක වගේ දේවල්.,යා යුතු ස්ථානයක් ලකුණු කල විට එම් ස්ථානයට යාමට,එය භාවිතා ක‍රන්නාව මෙහෙය වීම වගේ දේවල්..

    ReplyDelete
  14. නෑ නෑ මචං මං ඇහුවේ උඹේ ෆෝන් එකේ GPS නැතුව කොහොමද Google Maps වල උඹ ඒ වෙලාවේ හිටපු තැන blink උනේ කියලා. GSM network එකෙන් position එක track කරන්න බෑ නේද?
    මම වරක් HTC ෆෝන් එකක් පාවිච්ච කලා GPS තියෙන. ඒකෙ නම් GPS මගින් ඉන්න තැන coordinates අරගෙන Google Maps වල ඩොට් එකකින් දක්වනවා.

    ReplyDelete
  15. @ඉන්දරේ
    කොහොමද වෙන්නේ කියලා නම් ලොකුවට දන්නේ නෑ මචෝ...
    නලියගේ phone එකේ GPS නෑ.සටහනේ screen shots ටික දාලා තියන්නේ නලියගේ phone(se w660i) එකෙම ඒවා ටිකක් තමයි.
    application ඒක gps නැති phone එකටත් දාගෙන බලන්න ඉන්න තැන ලස්සනට බ්ලින්ක් වෙයි.(නලියා මෙක test ක‍රලා තියෙන්නෙ කොලඹයි,පානදුරෙයි SE w660i,k530i,k770i හා Nokia N70,N73 phone වලිනුයි විත‍රයි )

    ReplyDelete
  16. GSM network එකෙන් position එක track කරන්න පුලුවන් හැබයි අසන්න වශයෙන් ඒ කියන්නේ network tower ඇතුලත.කොලඹින් පිටනම් මේක ටිකක් අවුල් අසන්න වශයෙන් කියන එක 2km වගේ වෙනවා.

    ReplyDelete
  17. meke register wela sites add karan free lu denne http://directory.graphics.lk/

    ReplyDelete
  18. site,promote ක‍රාට කමක් නෑ මචෝ,ඒවා සටහනට අදාල වුනාන්ම් නේද හොද?

    ReplyDelete
  19. @ඉන්දරේ
    මෙක ගැන google එකේ විඩියො එකක් තියෙනව
    http://www.google.com/mobile/products/maps.html#p=default
    එකේ කියන විදියට මෙක service provider ගේ tower එකේන් තමයි දළ වශයෙන් ඉන්න ස්ථානය ගැන Maps අවබොධයක් ගන්නෙ මෙකේදි Google ට බැහැ අපිව track ක‍රන්න

    ReplyDelete
  20. @dilshan
    ඔව් ඒක ඇත්ත.

    ReplyDelete
  21. @ Dilshan
    ස්තූතියි මිත්‍රයා තොරතුරට. Google Maps J2ME app එක මේ ආකාරයට cell tower එකෙන් data ලබාගෙන අපි ඉන්න තැන දර්ශනය කරන බව මම දැනං හිටියෙ නෑ. මමත් මේක පාවිච්චිය පටං ගන්න ඕනෙ.

    ReplyDelete
  22. නලියගේ සටහනෙන් ගොඩාක් අයට උපකාර වෙන එක දකිනකොටත් සතුටුයි.
    Naliya's Joint
    වටිනා කියන දේ ස‍රලව.. කියන්නේ එකයි.
    comment ඔක්කොටම ගොඩාක් ස්තූති

    ReplyDelete
  23. මචන් මේක කිව්වට බොහෝම ස්තුතියි මගේ පෝන් එකටත් google maps දා ගත්තා

    web-www.3dsmax-sinhala.blogspot.com

    ReplyDelete
  24. @Kasun Nadeeshana
    නියමයි නේද මචො මේ app එක,
    පොර talks දාන්නේ නැතුව අවංකව අදහස් දක්වනවට ස්තූතී!

    ReplyDelete
  25. ඒක නං කියල තියෙන්නෙ මටද මංදා...

    ReplyDelete
  26. තොප්පිය හ‍රිනම් දා ගන්න

    ReplyDelete
  27. බොහොම ස්තූතියි.

    ReplyDelete
  28. ගූගල් මේ පහසුකම දීල දැන් අවුරුද්දකටත් වඩා වැඩියි. GPS තියෙනව නම් නියමාකාරව අපි ඉන්න තැන පෙන්වනව. පාරෙ යනවිට යන වේගය දිශාව වගේ දේවල්ද පෙන්වනව.

    ReplyDelete
  29. ඇත්තටම මේක නම් මාර ප්‍රයෝජනවත් හැබැයි GPS නැති phone වල ට්‍රැක් කරන්නෙ Tower ID එකෙන් නිසා කොළඹින් පිට පලාත් වලදි ටිකක් අවුල්.මොකද සමහර වෙලාවට කිලෝමීටර 10-15 විතර ඈතින් තියන Tower වලින් සිග්නල් එනවා.එහෙම වෙලාවට පෙන්නන්නෙ වැරදි ස්ථානයක්.
    එ කොහොම උනත් GPS නැති phone එකකට එකත් ලොකු දෙයක් Get Direction පහසුකමත් සෑහෙන ප්‍රයෝජනවත්

    ReplyDelete
  30. මම සිංහල බ්ලොග් ගැන අහල තිබුනට මේකෙ වටිනාකම තේරුම් ගත්තේ නෑ. මම හිතන්නෙ තමන් දන්න දේ අනිත් අයට කියල දෙන එක ඔයා කරන හොඳ වැඩක්. ඒක තමයි කවදහරි අපිට පිහිට වෙන්නෙ. (හැබැයි හොඳ වැඩ)

    ReplyDelete
  31. that's Good admin i realy enjoy after read you post .. thank u :P
    http://www.sulemandawakhana.com/

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන