Skip to main content

Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද?


ඊළග පරපුර සදහා ගැලපෙන සියලුම පහසුකම් සහිත සන්නිවේදන තාක්ෂණයක් ගූගල්(Google) විසින් හදුන්වා දී ඇත. එය ගූගල් වේව්(Google Wave) නම් වේ.

ඊ-මේල්(e-mail) හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමටය.

ඊ-මේල් වලින් සන්නිවේදනය කිරීමේදි එහි පිටපතක් නැතිනම් එහි අන්තර්ගතයේ පිටපතක් සැම දෙනාටම ලැබේ
නමුත්
ගූගල් වේව්(Google Wave) හි සිදුවන්නේ එක් පිටපතක් වේව් මගින් සන්නිවේදනය කරන සැම දෙනාටම සංස්කරණය කිරිමෙන් දායක වීම මගින් ( Wiki මාදිලියේ ) අදළ තොරතුරු සන්නිවේදනයයි.

වේව් එකක්, එක් පිටපතක් සැම දෙනාටම සංස්කරණය කළ හැකි චැට්(chat) එකක් ස්වරූපයෙන් සමාන ය.

සාමන්‍ය ඊ-මේල් සන්වාදයක් හෙවත් ත්‍රෙඩ් එකකින් කෙරෙන එක් තැනක තිබෙන තොරතුරු තවත් තැනකට ඒ අයුරින් යොමු කරනවා වෙනුවට මල්ටිමීඩියා ෆෝමැට් එකකින් බ්ලිප්ස්(blips) මගින් තොරතුරු මාලයක් අයුරින් හුවමාරු කෙරේ.


වේව්(wave) එහෙකට සම්බන්ධ වන සියලු අයට එය සංස්කරණය කිරීම, එයට උත්තර බැදීම එයට ගූගල් මැප්ස්(google maps) යොද ගැනීම, එය photo, video, audio upload කිරීම. තම බ්ලොග් වල comments ගනු දෙනුව හා twitter භාවිතය වැනි ගොඩක් දේවල් වේව් එකකට යොදා ගත හැක.

අවසානයේදි ඉතුරු වන්නේ සැමදෙනාගේම සහයෝගයෙන් සංස්කරණය කල තොරතුරු ගොන්නකි ( වේව් එකකි ). මෙහි ඇති විශේෂත්වය වන්නේ සියලු දෙනා විසින් නිපදවූ වේව් එකක ඉතිහාසය video එකක් මගින් නැවත බැලිය හැකි වීමයි. එනම් වේව් එක පටන් ගත් ආකාරය, එය සංස්කරනය කළ අකාරය, එයට යුසර්ස්ලා එකතු වූ අකාරය වැනි සියලු දේවල් බැලිය හැක.

මේ ගැන වැඩි විස්තර දැන ගැනිමට -http://wave.google.com/help/wave/about.html
ගූගල් වේව් සදහා අරාධනාවක් ලබා ගැනීමට-https://services.google.com/fb/forms/wavesignup/

Comments

  1. මටත් දැන් දවස් දෙකකට ඉස්සෙල්ල වේව් ගිණුමක් ලැබුන, තාම එක එක ඒව ඔබ ඔබා බලනව, ටඑතරම් ලොකු පරාසයක වැඩ නම් කරන්න බෑ වගේ... නමුත් නියමයි..

    ReplyDelete
  2. තැන්කූ නලියා Invitation 1ට

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි...

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද? ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි, නැත්තම් ඉතින් හැමෝම කරයිනෙ, හැබැයි මුලින්ම දවසට පැය 2-3ක් මහන්සි වුනොත් මාසිකව රු:10000-20000ක් අතර ගානක් හොයන්න බැරි නෑ. එහෙනම් පටන් ගමු නේද වැඩේ. පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න. ඔය හොර ගූරාලට රු:4000-5000 ක් පුදනවාට වඩා ඒක හොදයිනෙ? ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වන දේවල් 3ක් තියනවා. ඉ-මේල් එකක් ( gmail තමයි හොද මෙකට ) වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් Adsense ගිණුමක් මේ ප්‍රධාන දෙවල් 3න නොමිලේම ගන්න පුලුවන් ඉ-මේල් එකට G-mail , බ්ලොග් එකට Blogspot , Adsense ගිණුම කොහොමත් නොමිලේ දෙන්නේ . මේතන click කරලා ඒවා වලට යන්න. G-mail , Blog spot , Adsense මුලින්ම G-mail එකක් හදා ගන්න, ඊට පස්සෙ බ්ලොග් එකක්, අන්තිමටම adsense ගිණුම. ***මේ හැමදේම හදනකොට නිවැරදි තොරතුරු එක්ක හදන්න.*** PS: හැබැයි බ්ලොග්...