Skip to main content

Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද?


ඊළග පරපුර සදහා ගැලපෙන සියලුම පහසුකම් සහිත සන්නිවේදන තාක්ෂණයක් ගූගල්(Google) විසින් හදුන්වා දී ඇත. එය ගූගල් වේව්(Google Wave) නම් වේ.

ඊ-මේල්(e-mail) හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමටය.

ඊ-මේල් වලින් සන්නිවේදනය කිරීමේදි එහි පිටපතක් නැතිනම් එහි අන්තර්ගතයේ පිටපතක් සැම දෙනාටම ලැබේ
නමුත්
ගූගල් වේව්(Google Wave) හි සිදුවන්නේ එක් පිටපතක් වේව් මගින් සන්නිවේදනය කරන සැම දෙනාටම සංස්කරණය කිරිමෙන් දායක වීම මගින් ( Wiki මාදිලියේ ) අදළ තොරතුරු සන්නිවේදනයයි.

වේව් එකක්, එක් පිටපතක් සැම දෙනාටම සංස්කරණය කළ හැකි චැට්(chat) එකක් ස්වරූපයෙන් සමාන ය.

සාමන්‍ය ඊ-මේල් සන්වාදයක් හෙවත් ත්‍රෙඩ් එකකින් කෙරෙන එක් තැනක තිබෙන තොරතුරු තවත් තැනකට ඒ අයුරින් යොමු කරනවා වෙනුවට මල්ටිමීඩියා ෆෝමැට් එකකින් බ්ලිප්ස්(blips) මගින් තොරතුරු මාලයක් අයුරින් හුවමාරු කෙරේ.


වේව්(wave) එහෙකට සම්බන්ධ වන සියලු අයට එය සංස්කරණය කිරීම, එයට උත්තර බැදීම එයට ගූගල් මැප්ස්(google maps) යොද ගැනීම, එය photo, video, audio upload කිරීම. තම බ්ලොග් වල comments ගනු දෙනුව හා twitter භාවිතය වැනි ගොඩක් දේවල් වේව් එකකට යොදා ගත හැක.

අවසානයේදි ඉතුරු වන්නේ සැමදෙනාගේම සහයෝගයෙන් සංස්කරණය කල තොරතුරු ගොන්නකි ( වේව් එකකි ). මෙහි ඇති විශේෂත්වය වන්නේ සියලු දෙනා විසින් නිපදවූ වේව් එකක ඉතිහාසය video එකක් මගින් නැවත බැලිය හැකි වීමයි. එනම් වේව් එක පටන් ගත් ආකාරය, එය සංස්කරනය කළ අකාරය, එයට යුසර්ස්ලා එකතු වූ අකාරය වැනි සියලු දේවල් බැලිය හැක.

මේ ගැන වැඩි විස්තර දැන ගැනිමට -http://wave.google.com/help/wave/about.html
ගූගල් වේව් සදහා අරාධනාවක් ලබා ගැනීමට-https://services.google.com/fb/forms/wavesignup/

Comments

  1. මටත් දැන් දවස් දෙකකට ඉස්සෙල්ල වේව් ගිණුමක් ලැබුන, තාම එක එක ඒව ඔබ ඔබා බලනව, ටඑතරම් ලොකු පරාසයක වැඩ නම් කරන්න බෑ වගේ... නමුත් නියමයි..

    ReplyDelete
  2. තැන්කූ නලියා Invitation 1ට

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද?

අන්තර්ජාලයෙන් අසිමිතව මුදල් හොයමු, අන්තර්ජාලය හරහා මාසිකව ලක්ෂයක් උපයන්න.පරිගණක සගරා පිරිලා මේ වගේ දැන්වීම් වලින්, දැක්කම හිනා යනවා. ඇත්තටම මෙවා වලින් අසීමිතව මුදල් උපයන්න පුලුවන්ද? ඇත්තටම ඒවා වලින් අසිම්තව මුදල් උපයන පුලුවන් ඒත් දැන්වීම් වල කියන තරම් ලේසි වැඩක් නම් නෙමෙයි, නැත්තම් ඉතින් හැමෝම කරයිනෙ, හැබැයි මුලින්ම දවසට පැය 2-3ක් මහන්සි වුනොත් මාසිකව රු:10000-20000ක් අතර ගානක් හොයන්න බැරි නෑ. එහෙනම් පටන් ගමු නේද වැඩේ. පොඩ්ඩ පොඩ්ඩ කියල දෙන්නම්. ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න. ඔය හොර ගූරාලට රු:4000-5000 ක් පුදනවාට වඩා ඒක හොදයිනෙ? ප්‍රධාන වශයෙන් මේකට අවශ්‍ය වන දේවල් 3ක් තියනවා. ඉ-මේල් එකක් ( gmail තමයි හොද මෙකට ) වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් Adsense ගිණුමක් මේ ප්‍රධාන දෙවල් 3න නොමිලේම ගන්න පුලුවන් ඉ-මේල් එකට G-mail , බ්ලොග් එකට Blogspot , Adsense ගිණුම කොහොමත් නොමිලේ දෙන්නේ . මේතන click කරලා ඒවා වලට යන්න. G-mail , Blog spot , Adsense මුලින්ම G-mail එකක් හදා ගන්න, ඊට පස්සෙ බ්ලොග් එකක්, අන්තිමටම adsense ගිණුම. ***මේ හැමදේම හදනකොට නිවැරදි තොරතුරු එක්ක හදන්න.*** PS: හැබැයි බ්ලොග්...

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න (2වැනි කොටස )

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ලැස්තිද? සටහනට තිබුන ප්‍රතිචාර දැක්කම ඉක්මනට මේක ඉගෙන ගන්න ඔනෙ කියලා පේනවා. කට්ටිය Adsense ගිණුම් අදාගෙන ඇති කියලා කියල හිතනවා. මුලින්ම Adsense ගිණුමට Sign In වෙන්න.එතකොට මේ වගෙ පෙනෙයි. ඒක හරිනම් දැන් බලමු අපේ බ්ලොග් එකට Adsense දාන්නෙ කොහොමද කියලා. මුලින්ම Blogger.com ගිහින්, sign in වෙලා ,අදාල බ්ලොග් එකෙ Layout යන්න.එකෙ පෙනෙන Add A Gadget ( තමන් කැමති adsense දන්න ඕන තැන තියන Add a Gadget ), click කරලා.Adsense,select කරලා Save කරන්න. ඊ ළගට View Blog ගිහිල්ල බලන්න එතකොට බ්ලොග් එකට ඇඩ් අවිල්ල තියනවා බලා ගන්න පුලුවන්.මේ විදියට ***හැබැයි කවදවත් තමන්ගෙ ඇඩ් වලට තමන්ම Click කර ගන්න යන්න එපා,ඇඩ් click කරන්න පොළොබ වන කිසිම පින්තූර,වාක්‍ය වගේ කිසිම දෙයක් දාන්න එපා.එහෙම දෙවල් කරොත් ටික දවසකින් Adsense ගිණුම Disable වෙනවා අනිවා.*** මේ විඩියො ඒ බලන්න ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ***බ්ලොග් එකට ඒන අමුත්තෙ වැඩියෙන් ඇඩ් වලට click කරන්න පෙළෙබෙවෙන තැන්,ඇඩ් වලට යොදන වර්ණ වලින් අඩ්වලට click වැඩියෙන් එන ආකරය ගැන ඊළග පඩමෙන් කියලා දෙන් නම් ***

Google Maps වල වටිනාකම නලියට හොදටම දැනුනා.

මේ සටහන නලියගෙ phone කට්ටෙ තියන වටිනාම හා නලියගෙ ප්‍රියතම ඇප්ලිකේෂන් එක ගැන,ඒ තමයි Google Maps ඊයේ බයික් එකෙන් පොඩි රවුමක් ගහලා එනකොට බේස් ලයින් පාරෙන් අතුරු පාරකට දැම්ම ඉක්මනින් ගාලු පාරට එන්න කියලා නලියට උතුර දකුණ හොයා ගන්න බැරි වුනා.පාර අහන්න, කවුරුත් පේන්න නෑ ආයෙත් හැරිලා යනකොටම මතක් වුනා කෝකටත් ළග ඉන්න නලියගේ ෆොන් කට්ට.එකේ ඉන්නවනේ ගූගල් ලොකු අයියගේ සිතියම. Google Maps ගිහින් බලුවා මම ඉන්න තැන නියමටම නිල් පටින් බ්ලින්ක් වෙනවා. විනාඩි 2න් හරියටම ඉන්නෙ කොතනද යන්න ඕනේ කොහෙටද කියලා හොයා ගත්තා.ඇත්තටම මට එක එ වෙලවේ මාර ප්‍රයොජනවත් උනා. GPS ලංකවට තිබුනානම් නියමයි කියලා එ වෙලාවෙ හිතුනා. කස්ටියට මේක බාගන්න ඕනේනම් මෙතනින් යන්න. ගිහින් ෆෝන් එකෙ මොඩ්ල් එක දාලා Google maps කියලා Search කරන්න ෆෝන් එකෙන්ම ගිහින් බාගන්න ඔනේනම් wap.getjar.com ගිහින් Google maps කියලා Search කරන්න එතකොට එනවා.ඊට පස්සේ කෙලින්ම බාගන්න තියෙන්නේ. දැන් ඉතින් බය නෑ ඕනම තැනක පොර වගේ ගිහින් අතරමන් නොවී එන්න පුලුවන්. ***තව එකක් පොර වගේ යනකොට GPRS සිග්නල් තියන පැත්තක් නම් විතරක් යන්න***.