Skip to main content

Google wave(ගූගල් වේව්) ගැන දන්නවාද?


ඊළග පරපුර සදහා ගැලපෙන සියලුම පහසුකම් සහිත සන්නිවේදන තාක්ෂණයක් ගූගල්(Google) විසින් හදුන්වා දී ඇත. එය ගූගල් වේව්(Google Wave) නම් වේ.

ඊ-මේල්(e-mail) හදුන්වා දී ඇත්තේ මීට අවුරුදු 40 පමණ පෙරය. එනම් පුද්ගලික පරිගණක හදුන්වා දීමටත් පෙරය. ගූගල් පවසන අන්දමට මෙම අවදියේදි ඊ-මේල් බිහි උනා නම් එය පවතින්නේ ගූගල් වේව් අන්දමටය.

ඊ-මේල් වලින් සන්නිවේදනය කිරීමේදි එහි පිටපතක් නැතිනම් එහි අන්තර්ගතයේ පිටපතක් සැම දෙනාටම ලැබේ
නමුත්
ගූගල් වේව්(Google Wave) හි සිදුවන්නේ එක් පිටපතක් වේව් මගින් සන්නිවේදනය කරන සැම දෙනාටම සංස්කරණය කිරිමෙන් දායක වීම මගින් ( Wiki මාදිලියේ ) අදළ තොරතුරු සන්නිවේදනයයි.

වේව් එකක්, එක් පිටපතක් සැම දෙනාටම සංස්කරණය කළ හැකි චැට්(chat) එකක් ස්වරූපයෙන් සමාන ය.

සාමන්‍ය ඊ-මේල් සන්වාදයක් හෙවත් ත්‍රෙඩ් එකකින් කෙරෙන එක් තැනක තිබෙන තොරතුරු තවත් තැනකට ඒ අයුරින් යොමු කරනවා වෙනුවට මල්ටිමීඩියා ෆෝමැට් එකකින් බ්ලිප්ස්(blips) මගින් තොරතුරු මාලයක් අයුරින් හුවමාරු කෙරේ.


වේව්(wave) එහෙකට සම්බන්ධ වන සියලු අයට එය සංස්කරණය කිරීම, එයට උත්තර බැදීම එයට ගූගල් මැප්ස්(google maps) යොද ගැනීම, එය photo, video, audio upload කිරීම. තම බ්ලොග් වල comments ගනු දෙනුව හා twitter භාවිතය වැනි ගොඩක් දේවල් වේව් එකකට යොදා ගත හැක.

අවසානයේදි ඉතුරු වන්නේ සැමදෙනාගේම සහයෝගයෙන් සංස්කරණය කල තොරතුරු ගොන්නකි ( වේව් එකකි ). මෙහි ඇති විශේෂත්වය වන්නේ සියලු දෙනා විසින් නිපදවූ වේව් එකක ඉතිහාසය video එකක් මගින් නැවත බැලිය හැකි වීමයි. එනම් වේව් එක පටන් ගත් ආකාරය, එය සංස්කරනය කළ අකාරය, එයට යුසර්ස්ලා එකතු වූ අකාරය වැනි සියලු දේවල් බැලිය හැක.

මේ ගැන වැඩි විස්තර දැන ගැනිමට -http://wave.google.com/help/wave/about.html
ගූගල් වේව් සදහා අරාධනාවක් ලබා ගැනීමට-https://services.google.com/fb/forms/wavesignup/

Comments

  1. මටත් දැන් දවස් දෙකකට ඉස්සෙල්ල වේව් ගිණුමක් ලැබුන, තාම එක එක ඒව ඔබ ඔබා බලනව, ටඑතරම් ලොකු පරාසයක වැඩ නම් කරන්න බෑ වගේ... නමුත් නියමයි..

    ReplyDelete
  2. තැන්කූ නලියා Invitation 1ට

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා . මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා . අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා එ කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා . මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තම යි වේ ගවත්ම හා ලාභම . එත් හැමොටම ADSL ගන්න අප හ සු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා එ ගැන කතා කරන්න හිතුනා . මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා . සිම් එක රු : 500/= යි . එකෙ ගනන් මෙහෙමයි 0GB - 5GB

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන