Skip to main content

හොදම ඉන්ටනෙට් දෙන්නේ කවුද ? who gives fastest internet

ලංකවේ TV එකේ යන ඇඩ් දැක්කාමනම් ලංකවේ හොදම ඉන්ටනේට් පැකේජ් තරම් හොදම එවා ලොකේ කොහෙවත් නෑ කියල හිතෙනවා.මට මේ සටහන ගැන ලියන්න හිතුනේ මගේ Unlimited Dialog WiMax එක ඇවුල් වෙලා Mobile Broadband වලට යන්න වුන නිසා. අපිට ගැලපෙන වේගයෙන් වැඩි ගානේන් අඩු හොදම සේවාව දෙන්නේ කවුද කියලා මාසයක් විතර හොයපු නිසා කරුනු ඔගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතපු නිසා.

මුලින්ම කියන්න ඔනේ ටෙලිකොම් ADSL එක තමයි වේගවත්ම හා ලාභම.එත් හැමොටම ADSL ගන්න අපසු නිසාත් ටෙලිකොම් වල Customer Service ගැන කතා කරලා වැඩක් නැති නිසාත් ගොඩාක් දෙනෙක්ට ගැලපෙන හා පහසුවෙන් ඉන්ටනෙට් යන්න පුලුවන් Mobile Broad Band නිසා ගැන කතා කරන්න හිතුනා.

මුලින්ම කියනවානම් මසයක් විතර හොයා ගත්ත හොදම පැකේජ් එක තමයි Airtel මෙ පැකේජ් එක ගැන කියනවා නම් airtel 3G Signal තියන තැනකට නම් නියම පැකෙජ් Speed එක අඩු වෙන්නේ 10GB වලට පස්සේ අනෙත් හැම පැකෙජ් එකකම 5GB වලින් පස්සේ වේගය අඩු වෙනවා.සිම් එක රු:500/= යි.
එකෙ ගනන් මෙහෙමයි

0GB - 5GB - රු:299
5GB - 10GB - රු:599
10GB- 15GB - රු:999
15GB - Unlimited- රු:1499

Dialog වලින් මසෙකට 5GB වෙනකම් ගන්නවානම් යන්න වෙන්නේ 4GB පැකෙජ් එකකට. එකත් රු:999/=ක් ඊට පස්සේ වේගය අඩු වෙනවා.තව 1GB ගන්න තව රු:300/= වැය වෙනවා(මේ පැකෙජ් එකේ Speed වැඩි කර ගන්න හැම 1GB එකකටම අමතර රු:300/= ගෙවන්න වෙනවා.)

  • ඒ කියන්නේ මේ පැකෙජ් එකෙන් 5GB ගන්න =රු 999+300= 1299/= යනවා.සිම්පත නැවතගෙවන රු:1000/= ක තැම්පතුවක් සමග රු:500 ක් යනවා එ කියන්නෙ සිම් එක ගන්නරු:1500/= ක් යනවා.

Dialog වල තව පැකේජ් ගැන දැන ගන්න මෙතනින් යන්න.

Mobitel වලින් මසෙකට 5GB වෙනකම් ගන්නවානම් යන්න වෙන්නේ 4GB පැකෙජ් එකකට එකත් රු:890/=ක් ඊට පස්සේ වේගය අඩු වෙනවා,Mobitel වල කොච්චර 3G signal තිබුනත් speed ගැන නම් කථා කරලා වැඩක් නෑ.මාර slow.ඒක නිසා එ ගැන වැඩිය මම ලියන්නේ නෑ.
Mobitel වල තව පැකේජ් ගැන දැන ගන්න මෙතනින් යන්න.

පෙර ගෙවුම් ගැන කියනවනම් ඒත් ලාභම Airtel තමයි. රු:99/= කට 400MB හමබ වෙනවා(Airtel to Airtel 1000sms ,මිනිත්තු 200 free Voice call ලැබේනවා ) ඕන තරම් රු:99 යෙ reload දාගෙන ලැබෙන MB ගනන වැඩි කරගන්න පුලුවන්

  • Ex: රු: 99/- යෙ Reload තුනක් දැම්මොත් 1200MB (Airtel to Airtel 3000 sms 600 minutes V.calls Free) ලැබෙනවා .

Dialog වල තව පෙර ගෙවුම් ගැන දැන ගන්න මෙතනින් යන්න
Mobitel වල තව පෙර ගෙවුම් ගැන දැන ගන්න මෙතනින් යන්න

Airtel වල සමාන්‍ය Speed එක මේ වගේ වෙනවා,පානදුර town එකේ ඉදන් 2km අතුලට වෙන්නත්,නියමයි නේ.
3G Signal තියනවානම් (Airtel signal තියන ප්‍රදේශ ගැන නම් එච්චට අවබෝදයක් නෑ)ඇත්තටම Airtel පැකේජ් එක නියමයි.speed එකත් අඩු නොවී 10GB රු:599කටත් පසුගෙවුම් වල රු:99/- 400MB දෙනවා කියන්නේ සැහෙන්න වටිනවා.

Comments

  1. Airtel කොච්චර ලාබ උනත් connection එක stable නෑ. සමහර වෙලාවට uplink වැඩ, downlink එක වැඩ නෑ. ඉතිං disconnect කරලා ආයෙ connect කරන්න ඕනා. මෙහෙම ‍ගොඩක්ම වෙන්නෙ රෑට.
    හප්පා මේක ටයිප් කරලා පබ්ලිෂ් කරන ‍ටිකට mobitel එකත disconnect වෙලා ඕං. :D

    ReplyDelete
  2. මමත් Airtel තමයි එයාටෙල් ගොඩක් හොදයි තමයි Speed එක හැම පැත්තෙම. ගම් නගර කියලා නැ හැම තැනම Speed තමයි

    ReplyDelete
  3. Ai airtel prepaid, Rs.45/= ta 1GB, habai valid 24hours witharai

    ReplyDelete
  4. @කණියා.
    Airtel වල connection එක stable නැති ගතිය තියෙන්නේ වල Prepaid වල විතරයි.postpaid එක නැ.මම airtel එකට කථා කරලා prepaid අවුල් කියලා, කියුවා. complain දෙකකුත් දැම්මා.ඒත් වැඩක් නැ උන් එකක් එක බයිලා කියනවා.
    හැබැයි පැකේජ්(postpaid)වල නම් දැනට අවුලක් අවේ නැ.

    ReplyDelete
  5. හෆොයි. Airtel ගැනනම් කතා කරන්න එපා‍. Town limit පැන්නහම coverage නෑ (3G). ඒ වුනාට connection එක ගන්න ගියාම ලොකු talks නම් තියෙනවා නැතිවෙන්න.
    මම Connection එක ගන්න ගිහින් මළ පැනලා connection එක තියාගනින් කියලා ගෙදර ආවා. දැන්නම් Dialog BB.

    වැඩි විස්තර මෙතන... http://www.dakshinasblog.info/2010/03/%e0%b6%91%e0%b6%ba%e0%b7%8f%e0%b6%a7%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%94%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b6%bb-%e0%b6%9c%e0%b6%ab%e0%b6%b1%e0%b7%8a/

    දැන් Dialog වල 5GB වලින් FUP වැටුණ connection එක 7GB යනකම් extend කරලා...

    ReplyDelete
  6. @ඩක්ශින
    පානදුර airtel එකේ මගෙ යාලුවෙක් ඉන්න නිසාද මන්දා විනාඩි 5න් connection එක ගත්තා.ID එකයි Credi card bill කුයි ගිනුච්චා.
    Town වලින් පිට ඉන්න අයට හොද Mobitel තමයි.මොකද හොදට coverage තියනවා.userලාත් අඩු නිසා.හැබැයි ගාන තමයි ඉවසන්න බැරි.
    උපහාර පැකෙජ් එකනම් වාසි කියල තියනවා,ඒත් කොහෙද දැන් එකත් දෙන්නේ නැනේ!

    ReplyDelete
  7. එල එල.... ඒත් අපිට කොහින්ද airtel 3G, අපි dialog wi-max එක්ක හටන් කරනව මිසක්... හැබැයි ලංකාබෙල් නම් අවුලක් නෑ ගාන පොඩ්ඩක් වැඩි උනත් සේවාව සහ speed එක ගැන කියල වැඩක් නෑ...
    (ඒත් එක්කම කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ඇවිත් වැදගත් ලිපියක් ලීවත් තෑන්ක්ස් යාලුවා)

    ReplyDelete
  8. @සහන්
    ලංකාබෙල් ගැනනම් වැඩිය මම දන්නේ නැ ලගපාත එකෙක්වත් use කරන්නේ නැනේ.පුලුවන් නම් speed test එකක් කරලා ලින්ක් එක දාපන්කො මචෝ
    dialog wi-max නම් පුදුම වදයක් දුන්නේ.

    *කාලෙකින් ලියන්න සෙට් වුනේ වැඩ වැඩි කමටත් වැඩිය හරි ඉන්ටනෙට් connection එකක් සෙට් වුනෙ නැති නිසා මචෝ.

    ReplyDelete
  9. SLT ADSL නං ගන්න එපා. ඒක මෙහේ මාරම අවුල්. කනෙක්ෂන් තිබුනට එක පේජ් එකක්වත් ලෝඩ් වෙන්නෙ නෑ සමහර වෙලාවට.

    ReplyDelete
  10. ඔන්න මමත් අද මොබ්ටෙල් අයින්බ කරලා ඩයලෙිග්වලට බැස්සා
    අනේ මන්දා ඒකත් ස්පීඩි නෑ වගේ..

    ReplyDelete
  11. රාත්‍රි 10.00 පසු Airtel
    http://www.facebook.com/photo.php?pid=5483162&fbid=427014811245&id=732536245

    ReplyDelete
  12. Mage Dialog Perpaid Broadband eke Mare........ 100MB downlad karanne winadi 10k yanawa.... Mare Speed 1k Slow ne.... normal download speed 250-300kb witara enne... Maxxxx Dialog Broadband eke..... Maxxxx mama enne Mawanella.

    http://www.facebook.com/photo.php?pid=31206330&fbid=1458883071004&id=1201218148 eke Balanna....

    ReplyDelete
  13. mama used karanne Dialog Perpaid Broadband eke Mare........ 100MB downlad karanne winadi 10k yanawa.... Mare Speed 1k Slow ne.... normal download speed 250-300kb witara enne... Maxxxx Dialog Broadband eke..... Maxxxx Mama enne Mawanella.

    http://www.facebook.com/photo.php?pid=31206330&fbid=1458883071004&id=1201218148 eke Balannko....

    Mobitel Broadband eke wedak neeee....... mobitel Suck....

    ReplyDelete
  14. machn mage thiyenneth airtel phn 1a conect karala thama net yanne bt no 3g down speed 1 20kbps vithara adinava.conection 1a thava fast karaganna softwares ehema nadda? ka langavath

    ReplyDelete
  15. Software වලින් දැනෙන තරම් ස්ප්ඩ් එකක් ගන්න අමරුයි.ඩොන්ගලයේ USB කෙබල් එක ටිකක් දික් කරල සිග්නල් එන තැනකින් තියන්න ක්‍රමය ටිකක් සාර්තකයි.

    ReplyDelete
  16. intanet nam airtel tamai,kauda dawasakata hari rs.45 kata 1.5 GB denne?? speed 1th hodai !

    ReplyDelete

Post a Comment

පෝස්ට් එක ගැන comment කරලම යන්න.නව සටහන් ලියන්න මට ධෛර්ය්‍යක්.
ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි !

Popular posts from this blog

ඔබ සතු නව මුදල් නෝට්ටු සැබැ ඒවාද?

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් එකොළොස් වන මුදල් කාණ්ඩය සංසරනය සදහා නිකුත් ගිය සදුදා ( පෙබ :7 ) සිට නිකුත් කර ඇති බව ක්ස්ටිය දන්නවා නේ . මේ මුදල් නෝට්ටු අරගෙන සමහර කඩවලට ගියාම , අමුතු හිනවකුත් එක්ක මූණ දිහා මුදලලි බලනවා . මොකද අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති මුදලාලිලත් ඉන්න නිසා . ගොඩාක් අය තවම අලුත් මුදල් නොට්ටු ගැන දන්නේ නැති නිසා මේ සටහන වැදගත් වේයි කියලා හිතනවා. මේ නව මුදල් නෝට්ටු ගැන කියනවනම් අලුත් ආරක්ෂක සලකුනු ගොඩාක් තියන . වර්ණවත් , පාවිච්චියට පහසු නෝට්ටු කාණ්ඩයක් කියන්න පුලුවන් . මොකද කියනවානම් රු :2000/- නොට්ටුව ප ' ර්ස් එකට දාන්න හතරට විතර නවන්න ඕන නිසා . හැබැයි දැන් වැරදිලා හරි රු :5000/- නෝට්ටුවක් හම්බ වුනොත් ප ' ර්ස් එකට දාගන්න ලේසි . මොකද හැම නෝට්ටුවේම පළල මි . මි 67 නිසා . අලුත් ආරක්ෂක සලකුනු 1. දිය සලකුණ 2. ආරක්ෂන නූල 3. වැර ගැන් වු කොන් 4. විනිවිදපෙනෙන සලකුණ 5. ඉතා කුඩා අකුරු 6. දෘෂ් ‍ යාබාධිත පුද්ගලයන් සදහා සලකුණු තිත් 7. උසස් වු මුද් ‍ රිත ප්‍ර දේෂය වැඩි

සින්ඩියක් කියන්නේ ළමයි බලා ගන්නවා වගේ වැඩක්

සින්ඩි ගැන ලියන්න හිතුනේ චතුරංග මලයලාගේ ලාංකීය සිතුවිලි සින්ඩිය දැකලා. මේ සින්ඩියේ පට්ට වැඩ ටිකක්නේ තියෙන්නේ.ශබ්ද කෝෂය,නොකියූ,පට්ට පටස් වගේ සින්ඩියකට අවශ්‍ය පහසුකම් සපයලා තියන එක නම් නියමයි,ඒ වගෙම තමයි වේගය සාපේක්ෂව මේ සින්ඩියේ වැඩියි. සින්ඩියක පවත්තගන යනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මට දැනෙන විදියටනම්,එක එක පුද්ගලයන්ගේ අදහස් විවිධාකරයි.එවැනි පුද්ගලයන් 500 වඩා අදහස් ප්‍රදර්ෂණය කරන තැනක් පාලනය කරනවා කියන්න ඉතින් කොච්චර දෙයක්ද?අනෙත් එක මේ සැම දේම නොමිලේම කරලා දෙනවා කියන්නේ සිංහල බ්ලොග් ලියන්නන්ට ලොකු උදවුවක්. සිංහල සින්ඩිවල මහා ගෙදර නම් ඉතින් සිංහල බ්ලොග් කියවනය තමයි,එය පවත්වාගන යන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිංහල බ්ලොග් ලියන්නන්ට කරන මෙහෙය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ? බ්ලොග් ලියන්නන් හැම විටම උනන්දු වෙන ආකරය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සැම විටම වැඩ කටයුතු කරනවා. ලාංකීය සිතුවිලි සින්ඩිය හරියට නැගිගෙන එන තරුණයෙක් වගේ,එක එක වැඩ කිඩ දමමින් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා . සිංහල බ්ලොග් ලියන්නට මහගු සේවයක් කරන මේ සින්ඩී කරගෙන යන කාලිංග ,චතුරංග ප්‍රමුඛ කස්ටියට ස්තූතී වන්ත වෙන